IMF ණයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට! පළමු ණය කොටස ලබන අඟහරුවාදා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකනු ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට (20) දිනයේදී පැවැත්වෙන මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමේදී ලබා දීමට නියමිත ය. ඒ අනුව මෙම ණය මුදලේ පළමු කොටස ලෙස ඩොලර් මිලියන 390ක් ලබන අඟහරුවාදා (21)  වනවිට මහ බැංකු සංචිත වෙත ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

සාමාන්‍යයෙන් මෙම මුදල් විදේශ සංචිත තර කිරීම සඳහා පමණක් ලබා දුන්නද පළමු වතාවට ජාක්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම තුළ ශ්‍රි ලකාවේ අයවැය අතිරේකයක් ලෙසටද ණය මුදලින් කොටසක් ලබා දිමට පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම හෙට ශ්‍රි ලංකා වෙලාවෙන් රාත්‍රියේ පැවැත්වීමට පළමු ණය කොටස මුදා හැරීමෙන් පසුව ඒ පිළිබඳව විවරණය කිරීම ජූනි මාසය පමණ වනවිට සිදු වීමට නියමිත වන අතර ඒ වනවිට දේශීය සහ විදෙශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයන් සම්පූර්ණ ව තිබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා “සන්ඩේ ටයිම්ස්“ වෙත පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මෙම සාකච්ඡාවෙදී පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඩොලර් අර්බුදය නිමා වන බවයි. මෙම ණය කොටස ලැබීමත් සමඟ සෑම අංශයකම සේවාකරණයට සෑහෙන ඩොලර් සංචිතයක් පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.


 

Exit mobile version