ලලිත් චාමින්ද –
ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන සතු සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් වන අතර, ඉන් වාහන 46,708ක්ම වසර 15කට වඩා පැරණි ඒවා බව කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය අනාවරණය කරයි.
මීට අමතරව පවතින සමස්ත වාහන සංඛ්‍යාවෙන් වාහන 3,911ක් මේ වනවිටත් ධාවන තත්ත්වයේ නොපවතින බව ද එම කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර ඉහළ ධාවන තත්ත්වයේ පැවතිය ද, ඒවා නඩත්තු කිරීම සඳහා අධික පිරිවැයක් වැයවන රාජ්‍ය සතු සුඛෝපභෝගී වාහන විකුණා දැමීමට රජය පියවර ගෙන තිබේ. වත්කම් කළමනාකරණ චක්‍රලේඛ මගින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව මෙම සුඛෝපභෝගී වාහන විකිණීම සිදුකර ඇත.
කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ දත්තවලට අනුව, ඉකුත් මාස 16ක කාලය තුළ රජයට අයත් වාහන සහ අනෙකුත් වත්කම් විකිණීමෙන් රුපියල් මිලියන 4,040.9ක සමස්ත ආදායමක් රජය විසින් උපයාගෙන තිබේ. ඉන් වාහන විකිණීමෙන් පමණක් උපයා ඇති ආදායම රුපියල් මිලියන 3,312.8කි.









