GOMA ලබන 23 දා සිට කළු සතියක් ප්‍රකාශ කරයි!

black-flag

ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව එම කළු සතිය ප්‍රකාශ කෙරෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

ලේකම්වරයා කීවේ අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කළේය.


Exit mobile version