ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් ද එම සංගමයේ ලේකම්වරයා ලෙසද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ද යළිත් වරක් පත්ව ඇත.
ඊයේ (28) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 99 වන නිලවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් ඡන්ද 60%කට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම්ශාලා පරිශ්‍රයට යාබද ශාලාවක ඊයේ උදෑසන 8.00ට වූ ඡන්ද විමසිම සවස 4.00ට අවසන් වූයේය.
සංගමයේ සභාපතිවරයා , ලේකම්වරයා ඇතුළු විධායක සභික තනතුරු 16ක් සහ මධ්‍යම කාරක සභික තනතුරු 40ක් වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විනි.
ඡන්දය දැමීමට සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 24000ට ආසන්න ප්‍රමාණයක් වූහ. ඉන් තැපැල් ඡන්ද භාවිත කිරිමට සුදුසුකම් ලැබුවන්ගේ සංඛ්‍යාව 8200ක් විය.







