ETI ව්‍යාපාර අත්හිටුවන්නැයි මහබැංකුව උසාවියෙන් ඉල්ලයි

ETI සමාගම සිය තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති බැවින් එම මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ETI තැන්පත්කරුවන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ඉල්ලීම සිදු කරනු ලැබීය.

සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊටීඅයි තැන්පතු කරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්ටීබී දෙහිදෙණිය සහ එස් තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහ බැංකුව කළ මෙම ඉල්ලීම සම්බන්ධව මේ අවස්ථාවේදී නියෝගයක් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළහ.

Exit mobile version