සඳුදා, ජූලි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

by editor
ජූලි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අයි.සී.සි. (ICC) තරගාවලි කිහිපයකදීම හිස් අතින් සිය රටට යාමට සිදු වූ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම, නැවතත් තමන් සතු සුපුරුදු ආධිපත්‍යය විදහා දක්වමින් 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලාන කිරුළ තමන් සතු කර ගැනීමට සමත්   විය.

ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් (Lord’s) ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාර ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී  පැවතිනි.  එංගලන්ත කාන්තාවන්ගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ක්‍රීඩාගාර ගුම් දෙමින් තිබිණි. එහෙත්  සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවට හැකි විය.

වාර්තා අතර සටන

ක්‍රිකට් ඉතිහාසය දෙස බැලීමේදී මෙම අවසන් මහා තරගය සුවිශේෂී   විය. එංගලන්තය මීට පෙර තමන් සත්කාරකත්වය දැක්වූ ලෝක කුසලාන අවසන් මහා තරග 4ම (එක්දින සහ විස්සයි20) ජයගෙන තිබුණහ.  අනෙක් අතින් ඕස්ට්‍රේලියාව මීට පෙර එංගලන්තය සමඟ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරග 6ම ජයගෙන තිබුණි.

අවසානයේදී එම වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඕස්ට්‍රේලියාව සිය අවසන් මහා තරග වාර්තාව 7ට 0ක් ලෙස පරිපූර්ණ කර ගත්තේය.

එංගලන්ත ඉනිම අඩපණ වෙයි

වසර අටකට පසු විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසි එංගලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනා ගැනීමෙන්  පසු මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසියද, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ ඔවුන්ට ලකුණු වේගය පවත්වා ගැනීමට නොහැකි විය. නායිකා නැට් සිවර්-බ්‍රන්ට් (Nat Sciver-Brunt) නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් ඉනිම ස්ථාවර කිරීමට උත්සාහ කළාය.

RelatedPosts

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

(Nat-Sciver-Brunt)
නැට් සිවර්-බ්‍රන්ට් (Nat Sciver-Brunt)

ඉන්පසු 5 වැනි කඩුල්ල වෙනුවෙන් ෆ්‍රෙයා කෙම්ප් (Freya Kemp) සමඟ එක්ව පන්දු 55කින් ගොඩනැගූ ලකුණු 80ක නොබිඳුණු සබඳතාවය හේතුවෙන් එංගලන්ත ඉනිම ලකුණු 150 දක්වා ඉහළ ගියේය. ෆ්‍රෙයා කෙම්ප් පන්දු 35කදී නොදැවී ලකුණු 44ක් රැස් කළාය. පන්දු යැවීමේදී හැමිල්ටන් ලකුණු 19කට කඩුල්ලක් දවා ගත්තාය.

මූනි සහ ලිච්ෆීල්ඩ් ජයග්‍රහණය පහසු කරයි

ලකුණු 151ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකාරිණියෝ  ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. මෙහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි (Beth Mooney) පන්දු 57කදී ලකුණු 64ක් රැස් කළාය. මෙය ඇය විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගවලදී පිට පිට ලබාගත් තෙවැනි අර්ධ ශතකය වීම විශේෂත්වයකි.

Beth Mooney
බෙත් මූනි

ඇයට අනගි සහයක් දුන් ෆීබි ලිච්ෆීල්ඩ් (Phoebe Litchfield) තමන් ක්‍රීඩා කළ පළමු ලෝක කුසලාන අවසන් මහා තරගයේ පීඩනය මැඩපවත්වමින් පන්දු 35කදී වේගවත් ලකුණු 48ක් රැස් කළාය. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු සියයක සබඳතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය තහවුරු කළහ. ජයග්‍රහණයට මඳක් ලංව තිබියදී ඔවුන් දෙදෙනාම දැවී ගියද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 17.1කදී කඩුලු 3ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේ තවත් පන්දු 17ක් ඉතිරිව තිබියදීය.

අවසන් මහා තරගයේ වීරවරිය බ්‍රෙත් මූනි ය. ලෝක කුසලා විස්සයි 20 කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වන්නීත් බ්‍රෙත් මූනිය.

Share69Tweet43
Previous Post

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

Next Post

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

Related Posts

පුවත්

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026
cases-are-piled-up-in-the-courts
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026
පුවත්

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026
cases-are-piled-up-in-the-courts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.