සඳුදා, ජූලි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමු බන්ධනාගාරය ලේ විලක් වෙයි.. රැඳවියන්ගේ දරුණු කල්ලි ගැටුමකින් දෙදෙනෙක් මරුට! 34කට තුවාලයි – STF කැඳවයි!

by editor
ජූලි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමු බන්ධනාගාරය තුළ අද (05) දහවල් කාලයේදී  මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ  කල්ලි දෙකක් අතර ඇති වූ අතිශය දරුණු සහ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගැටුම හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන්  38 දෙනෙක්  ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර  තිබේ. 

තුවාලකරුවන් දස දෙනෙකු සැත්කම්වලට භාජනය කළ බවත්  ඉන් බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත්  මීගමුව රෝහල් අධ්‍යක්ෂිකා පුෂ්පා ගම්ලත්ගේ පවසයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි අර්බුදකාරී ස්වභාවය සහ බන්ධනාගාර අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්වල බීහිසුණු බලපෑම මෙම ප්‍රචන්ඩ ගැටුම හරහා  යළිත් වරක් රට හමුවේ ප්‍රකට වී තිබේ.

ගැටුමේ මූලාරම්භය සහ හේතුව

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙම දරුණු ගැටුම බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර පැවති දීර්ඝකාලීන වෛරයක ප්‍රතිඵලයකි. ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන “බූරු මූණා” නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වන, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සුරේෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට සැක කෙරේ. බූරු මූණා යනු හංවැල්ල පාතාලයේ සිටි ප්‍රධාන කුලී මිනීමරුවෙකි.

මෙම ගැටුම ඇති වී තිබෙන්නේ  එක් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු අනෙක් පාර්ශ්වය විසින් බන්ධනාගාර බලධාරීන්ට පාවා දුන් බවට ඇති වූ සැකය මතය.

RelatedPosts

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

තත්ත්වය පාලනයෙන් ගිලිහී යාමත් සමඟ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු රැඳවියන් පිරිස, බන්ධනාගාරයේ සුවිශේෂී ඉහළ ආරක්ෂිත කුටි පවා කඩා බිඳ දමා එහි රඳවා සිටි අනෙක් කල්ලියේ රැඳවියන්ට අමානුෂික ලෙස පහර දී තිබේ.

එමෙන්ම, කලබලකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගත් රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව ද බලහත්කාරයෙන් කඩා, එහි තිබූ වේදනානාශක ඇතුළු ඖෂධ වර්ග අධි මාත්‍රාවෙන් (Overdose) ශරීරගත කරගෙන ඇති බව වාර්තා වේ. ඒ අතර කාන්තා රැඳවියන් සිටි වාට්ටු වෙත ද මේ ඖෂධ සහිත භාජන රැඳවියන් විසින් විසිකර ඇති බව අනාවරණය වී තිබේ. එලෙස ඖෂධ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කළ කාන්තා  රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මතට නැග කලහකාරී ලෙස හැසිරී ඇති බවත්  ඉන් කිහිපදෙනෙකු වහළයෙන් බිමට ඇද වැටීමෙන් ද බරපතල තුවාල ලබා ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කළේය. .

රෝහල්ගත කිරීම් සහ වෛද්‍ය වාර්තා

මෙම ගැටුම හේතුවෙන් මේ වන විට රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ. මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා පුෂ්පා ගම්ලත්ගේ  ප්‍රකාශ කළේ රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් අතුරින් රැඳවියන් 10 දෙනෙකුටම හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට පියවර ගත් බවයි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දෙදෙනාගේ තත්ත්වය තවමත් බරපතල මට්ටමක පවතින නමුත් මීගමුව රෝහලේ පසුවන අනෙක් රැඳවියන්ගේ තත්ත්වය මේ වන විට ස්ථාවර වෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාරය තුළ සහ පිටත දැඩි උණුසුමක්

සාමාන්‍යයෙන් කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා තබන මීගමුව බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 1,800 කට ආසන්න අධික පිරිසක් රඳවා සිටිති. ගැටුම ආරම්භ වීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ කැරලි මර්දන ඒකක වහාම බන්ධනාගාරය වෙත කැඳවීමට පියවර ගැනුණි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ද වහාම එම ස්ථානයට පැමිණ ආරක්ෂක අංශ මෙහෙයවමින් තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වී තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ බන්ධනාගාරගත රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව නොසන්සුන් ලෙස හැසිරීම නිසා බාහිර ආරක්ෂාව ද දැඩි කිරීමට පියවර ගැණුනු අතර, පසුව ආරක්ෂක අංශ මැදිහත් වී ඔවුන් එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කළේය.

අමාත්‍යංශයේ හදිසි නියෝග සහ ඉදිරි පියවර

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර වෙත වහාම දැනුම් දී ඇති අතර, අමාත්‍යවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව වහාම පූර්ණ විමර්ශන වාර්තාවක් ඉල්ලා තිබේ. එම වාර්තාව හෙට අමාත්‍යවරයා වෙත ලැබෙන්නට නියමිතය.

බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, ආරක්ෂක අඩුපාඩු සහ බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා දීර්ඝකාලීන විසඳුම් ප්‍රවේශයකට යා යුතු බව මෙමඟින් නැවත වරක් තහවුරු වේ.

ආරක්ෂක පියවරක් ලෙස, මෙම ගැටුමට සෘජුවම සම්බන්ධ වූ සහ එය මෙහෙයවූ ප්‍රධාන සැකකාර රැඳවියන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ අනෙකුත් දැඩි ආරක්ෂිත බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

Next Post

එංගලන්තය පරදා ඕස්ට්‍රේලියානු කාන්තාවෝ 7 වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය හිමිකර ගනිති!

Related Posts

පුවත්

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026
cases-are-piled-up-in-the-courts
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026
පුවත්

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026
cases-are-piled-up-in-the-courts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.