සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව සහ ඉරානය අතර උපායමාර්ගික සබඳතා ශක්තිමත් වෙද්දී ට්‍රම්ප් ගේ  “උපරිම පීඩනය ” ඔහුටම පීඩාවක් වෙයි ද?

by editor
අප්‍රේල් 27, 2026
in පුවත්
HORMUZ

ටෙහෙරාන් නගරයේ ගොඩනැගිල්ලක හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ග්‍රැෆික් නිර්මාණයක් සහිත දැන්වීම් පුවරුවක්

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අතර විශේෂ සාකච්ඡාවක් අද (27)  ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති පුටින් සඳහන් කළේ ඉරාන ජනතාව දැනට මුහුණ දී සිටින “දුෂ්කර කාල පරිච්ඡේදය” සාර්ථකව ජය ගනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි. එමෙන්ම කලාපය තුළ ඉතා ඉක්මනින් සාමය රජවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ  කරන ආකාරය රොයිටර් වාර්තා කළේය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරක්චි පුටින් හමුවීමට පෙර නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අයුරු…

එම වාර්තාව අනුව  මැදපෙරදිග කලාපය තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රුසියාව මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ප්‍රහාර මොස්කව් පාලනය විසින් දැඩි ලෙස හෙළා දකිනු ලැබීය.

මීට අමතරව, පවතින උණුසුම්කාරී තත්ත්වය අවම කිරීමේ පියවරක් ලෙස ඉරානයේ සාන්ද්‍රිත යුරේනියම් රුසියාවේ ගබඩා කිරීමට ද අවස්ථාව ලබා දෙන බව රුසියාව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් එම යෝජනාව පිළිගෙන නොමැත.

රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන විදේශ අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ පුටින් මෙසේ පැවසීය:

“අපගේ පාර්ශවයෙන්, ඔබගේ අවශ්‍යතා මෙන්ම කලාපයේ සියලුම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරනු ලබනවා. එමෙන්ම කලාපය තුළ හැකි ඉක්මනින් සාමය ස්ථාපිත කිරීම සහතික කිරීම අපගේ අරමුණයි.”

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

පසුගිය සතියේ ඉරානයේ උත්තරීතර නායකයාගෙන් තමන්ට පණිවිඩයක් ලැබුණු බව ද මෙහිදී පුටින් අනාවරණය කළේය. ඒ පිළිබඳව සිය අවංක කෘතඥතාව පිරිනමන ලෙස විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි ඔහු, ඉරානය මෙන්ම රුසියාව ද දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරන බව තහවුරු කළේය.

ඉරානය සහ රුසියාව අතර පසුගිය වසරේදී වසර 20ක කාලයක් සඳහා වන විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව මේ වන විට ඉරානයේ එකම න්‍යෂ්ටික බලාගාරය පිහිටි බුෂෙහ්ර්හි නව න්‍යෂ්ටික ඒකක දෙකක් ඉදිකරමින් පවතී. එමෙන්ම යුක්රේන යුද්ධයේදී රුසියාව විසින් භාවිතා කරනු ලබන ‘ෂාහෙඩ්’ (Shahed) වර්ගයේ ඩ්‍රෝන යානා සපයනු ලබන්නේ ද ඉරානය විසිනි.

රුසියානු RIA පුවත් ඒජන්සියට අනුව, අබ්බාස් අරක්චි ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවත්, රුසියාව ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වන බවත්ය.

සාම සාකච්ඡාවල දෙදරීම්

රුසියාවට පැමිණීමට පෙර අබ්බාස් අරක්චි පාකිස්ථානයේ සහ ඕමානයේ විශේෂ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත විය. පසුගිය සිකුරාදා ඉස්ලාමාබාද් නුවරට පැමිණි ඔහු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීය.

සාකච්ඡා අතර…

විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස ඉටු කරන කාර්යභාරය ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබුණි. මෙම සංචාරයේදී යුද්ධය අවසන් කිරීම සඳහා වන ඉරානයේ යෝජනා සහ එකඟතාවන් ඇතුළත් විශේෂ රාමුවක් අරක්චි විසින් පාකිස්ථාන බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද අතර, ඉන් අනතුරුව ඔහු ඕමාන් සුල්තාන්වරයා හමුවීම සඳහා මස්කට් නුවර බලා පිටත්ව ගියේය.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පාකිස්ථානයට පැමිණීමට පෙරම ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, තමන් ඉස්ලාමාබාද් වෙත පැමිණෙන්නේ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ රජයේ නිලධාරීන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට බවය. ඇමරිකානු නියෝජිතයන් හමුවීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. ඇමරිකානු නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් පාකිස්ථානයට පැමිණීමට නියමිතව තිබියදීත්, ඔවුන් සමඟ කිසිදු සංවාදයකට අවතීර්ණ නොවී අරක්චි පාකිස්ථානයෙන් පිටත්ව ගියේය.

ඉරානය ට්‍රම්ප් පාලනය වෙත එල්ල කළ ප්‍රබල ‘රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයක්’ (Diplomatic Snub) ලෙස එය සලකුණු විය. ඉරානය සාකච්ඡා සඳහා ආයාචනා කරනු ඇතැයි ට්‍රම්ප් බලාපොරොත්තු වුවද, අරක්චිගේ මෙම ක්‍රියාකලාපය මගින් ඇමරිකාවේ මැදිහත් වීම තඹයකට හෝ මායිම් නොකරන බවට පණිවිඩයක් ලබා දුන්නේය. මේ හේතුවෙන් දැඩි ලෙස කෝපයට පත් ට්‍රම්ප්, ඉරානය කෙරෙහි පවතින සිය ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා සිය නියෝජිතයන් එවීම වහාම අවලංගු කළ අතර, එය “කාලය නාස්ති කිරීමක්” ලෙස ප්‍රකාශ කළේය.  ඉරාන නායකත්වය තුළ පවතින අභ්‍යන්තර ව්‍යාකූලතා සහ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති වීම ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණි. කෙසේ වෙතත්, ඕමානයේ සංචාරය අවසන් කර නැවත වරක් පාකිස්ථානයට පැමිනි අරක්චි රුසියාවට ගියේ පකිස්ථානය හරහාය.

කලාපීය සාමය උදෙසා පාකිස්ථානය දරන “සහෝදරත්වයේ උත්සාහය” තමන් බෙහෙවින් අගය කරන බවත්, රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි ඇමරිකාව කෙතරම් දුරට අවංක ද යන්න තවමත් දැකගත නොහැකි බවත් ඒ අතර අරක්චි ප්‍රකාශ කළේය.

වර්තමානය වන විට ට්‍රම්ප්ගේ සුපුරුදු දැඩි වාචාල ස්වරූපයේ යම් අඩුවක් දක්නට ලැබෙන අතර, එය යුද්ධයෙන් “ගෞරවාන්විත නික්මයෑමක්” (Honorable Exit) සඳහා වන පෙරනිමිත්තක් ලෙස ඇතැම් පාර්ශව අර්ථකථනය කරයි. විශේෂයෙන්ම ඇමරිකාව තුළ පවතින ඉන්ධන මිල ඉහළ යාම සහ දේශීය දේශපාලන පීඩනය හමුවේ, තවදුරටත් යුද්ධයක නිරත වීමට වඩා සාමකාමී ජයග්‍රහණයක් පෙන්වීම ට්‍රම්ප්ගේ ඉදිරි මැතිවරණ ඉලක්ක සඳහා වැදගත් වී තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ මෙම මෘදු ස්වරූපය පිටුපස තවමත් “සියලු බලය තමන් සතුය” යන මතයේ සිටිමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි උපායමාර්ගික කලාපයන්හි නාවික අවහිරතා දැඩි කර ඉරානය ආර්ථික වශයෙන් දණගැස්වීමේ දැඩි පිළිවෙතක් ක්‍රියාත්මක වන බව සත්‍යාපනය වේ. මේ අනුව ලෝකය බලාපොරොත්තු වන සාමය, හුදු සහයෝගීතාවයකට වඩා ට්‍රම්ප්ගේ දැඩි කොන්දේසි මත පදනම් වූවක් වනු ඇති බව පෙනී යයි.

ඉරානය හුදකලා කිරීමේ ඇමරිකානු  ප්‍රයත්නය සහ භූදේශපාලනික යථාර්ථය

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ඉරානයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවමින් “උපරිම පීඩනය යෙදීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කළද, එය සම්පූර්ණයෙන්ම සාර්ථක වනු ඇතැයි පැවසීම උගහටය. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රුසියාව සහ චීනය සමඟ ඉරානය පවත්වාගෙන යන ශක්තිමත් උපායමාර්ගික සබඳතාව ය.

අබ්බාස් අරක්චි

රුසියාව සහ ඉරානය අතර පවතින වසර 20ක දීර්ඝකාලීන ගිවිසුම යටතේ ආරක්ෂක සහයෝගීතාව, ඩ්‍රෝන තාක්ෂණය සහ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයන්හි සබඳතා ඉතා ඉහළ මට්ටමක පවතී.

එමෙන්ම චීනය ඉරානයේ විශාලතම තෙල් පාරිභෝගිකයා ලෙස කටයුතු කරමින්, බටහිර සම්බාධක නොතකා සිය ආර්ථික ගනුදෙනු අඛණ්ඩව පවත්වාගෙන යයි.

මේ අනුව රුසියාව, චීනය සහ ඉරානය එක්ව ගොඩනගමින් පවතින “යුරේසියානු බල කඳවුර” හමුවේ ඉරානය හුදකලා කිරීමේ ඇමරිකානු අභිලාෂය දැඩි අභියෝගයකට ලක්ව තිබේ.

ලෝක ප්‍රජාව, විශේෂයෙන්ම ගෝලීය දකුණේ (Global South) රටවල් සහ යුරෝපා සංගමයේ ඇතැම් පාර්ශවයන් මෙම හුදකලා කිරීමේ උත්සාහය දෙස බලන්නේ දැඩි විචිකිච්ඡාවෙනි. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි වැදගත් වෙළඳ මාර්ග අවහිර වීමෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ ඒ හරහා ලෝක ආර්ථික අස්ථාවරත්වයක් ඇති වීම පිළිබඳව පොදු බියක් පවතී. වර්තමාන ලෝකය තනි බලවතෙකු මත පදනම් වූවක් නොව බහුධ්‍රැවීය (Multi-polar) රටාවක් ගන්නා බැවින්, ඇමරිකාවට අවශ්‍ය පරිදි රටක් හුදකලා කිරීමේ හැකියාව සීමිත බව ලෝක මතයයි.

මේ නිසාම යුද්ධයකට වඩා පාකිස්ථානය සහ ඕමානය වැනි රටවල් මැදිහත් වී සිදුකරන රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි ලෝක ප්‍රජාව වැඩි රුචිකත්වයක් දක්වයි.

මේ තත්ත්වය මත  ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාකච්ඡා මේසයෙන් ඉවත් වීම සහ නියෝජිතයන් එවීම වැළැක්වීම ලෝක ප්‍රජාව දකින්නේ බරපතල රාජ්‍යතාන්ත්‍රික පසුබෑමක් ලෙසය. ට්‍රම්ප්ගේ අරමුණ ඉරානය හුදකලා කිරීම වුවද, ප්‍රායෝගිකව සිදුවන්නේ ඉරානය රුසියාව සහ චීනය දෙසට තවදුරටත් තල්ලු වීමය. මෙය ඇමරිකාව බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ (Backfire) බලපෑමක් ඇති කිරීමට ඉඩකඩ ඇත.

සාරාංශයක් ලෙස, රුසියාව සහ චීනය වැනි බලවතුන් ඉරානය සමඟ සිටින තාක් ඇමරිකානු උත්සාහය සාර්ථක වීමේ ඉඩකඩ අවම වන අතර, ලෝක ප්‍රජාව මෙය දකින්නේ කලාපීය මෙන්ම ගෝලීය අස්ථාවරත්වයට මග පාදන අවදානම් සහගත ක්‍රියාවක් ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙබස්තියන් සාවේ: කෙන්යාවේ රතු පසෙන් අලුත් ලෝක ඉතිහාසයක් ලියූ වීරයාගේ නොඇසූ ජීවන කතාව!

Next Post

“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද නිදහස් චතුරස්‍රයට: ජනපති අතින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජා කෙරේ!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.