60ට වැඩි අයට සයිනෝෆාම් හැර අනෙක් එන්නත් දෙන්නැයි වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්

කොවිඩ් වෛරසයට එරෙහිව සිදු කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලියේ දී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතා සහිත අවදානම් කාණ්ඩයේ පුද්ගලයන්ට ෆයිසර්, මොඩර්නා. හෝ ඇස්ට්‍රසෙනෙකා එන්නත්වලින් අඩුම තරමින් එක් මාත්‍රාවක් වත් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔවුන් පවසන්නේ මෙම එන්නත් තුනම එක් මාත්‍රාවකින් පවා සැලකිය යුතු ආරක්ෂාව ලැබෙන බවට මේ වනවිට විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් එම එන්නත ලබා දීමට කටයුතු කරන ලෙසය. එසේ වුවද මෙරට බහුල වශයෙන් ලබා දෙන සයිනොෆාම් වලින් එම ආරක්ෂාව ලැබීමට නම් මාත්‍රා දෙකම ලබා දී තවත් සති දෙකක කාලයක් ගත වන බැවින් දැනට වේගවත් ව පැතිරෙන කොවිඩ් වෛරසය හමුවේ වැඩි අවදානමක් සහිත වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ අවදානම් කාණ්ඩවල පුද්ගලයන් ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමත් රෝග තත්ත්වය අසාධ්‍ය මට්ටමට පත් විම වළක්වා ගැනීම සඳහාත් මෙම පියවර ගන්නැයි ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින තත්ත්වය හමුවේ රට අවම වශයෙන් සති දෙකක කාලයක් දැඩි සංචරණ සීමාවන්ට යටත් කරන ලෙසට ද ඉල්ලීමක් කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය එවැනි තත්ත්වයක් තුළ පවා අඛණ්ඩව එන්නත්කරණය කළ යුතු බවට අවධාරණය කර තිබේ.


Exit mobile version