හොරෙන් ඖෂධ ගෙනා ඉන්දියානුවන් 02ක් කටුනායක දී අත්අඩංගුවට…

කීර්ති ප්‍රනාන්දු – 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව ,  ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා පැවසීය.

විවිධ ලෙඩ රෝග සඳහා භාවිත වන ඖෂධ වර්ග 10ක්  සහිතව මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද (03) අලුයම 01.15 ට ඉන්දියාවේ චෙන්නායි සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීහු  මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති

Exit mobile version