දිව ආසාදනය කරන අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ….

නතාෂා නෙත්මිණි                                     

දිව ආසාදනය කරන රෝග ලක්ෂණයක් කොරෝනා වෛරසයෙන්  මේ වන විට පැතිර යමින් පවතින බවත් එය “කොවිඩ් ටන් ” යනුවෙන් හඳුන්වන නව ප්‍රභේදයක් බවත්  ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි‍.

මෙම වෛරසය මගින් පුද්ගලයාගේ “දිව” ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි යැයි හෙතෙම පැහැදිලි කළේය.

“දිව” පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවතිය හොත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර  පීසීආර් පරික්ෂණයක් සිදුකර ගැනීමෙන් මේ බව නිවැරදිව තහවුරු කර ගත හැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.


නව කොවිඩ් ප්‍රභේදය වැළඳුනු පුද්ගලයෙකුගේ දිවක්… සහ නීරෝගී පුද්ගලයෙකුගේ දිවක්…

ඔබගේ දිව පුරා මෙවැන් ලක්ෂණයක් මතුව ඇත්නම් කොවිඩ් වෛරසය ආසාදනය වූවෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස සිට තිබෙන්නේදැයි සොයා බලන ලෙසද විශේෂඥවරයා ජනතාවට දැනුම් දී සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන්ගේ මුඛය හා දිව  පරික්ෂා කිරීමේදී තමා මේ වන විටත් ආරම්භ කර ඇතැයිද වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

Exit mobile version