පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

රාජකාරියේ යෙදී සිටින රද්දොලුව පොලිස් නිලධරීන් 36 දෙනගෙන් 15ක් කොවිඩ් ආසාදිත බව වාර්තා වීමත් සමගම මුලු පොලිසියේම සිටින නිලධාරීන් හා සේවයක කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කර පොලිසිය වසා දැමීමට සෞඛ්‍යය අංශ කටයුතු කළේය.

අද සවස පොලිස් ස්ථානය විෂබීජ හරණය කිරීමෙන් පසු වෙනත් පොලිසිවල නිලධාරීන් අනුයුක්ත කර පොලිසිය පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කටුනායක අධිවේගී මාර්ග පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 05 දෙනෙක් කොවිඩ් ආසාදිත වීම නිසා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිත  පොලිස් නිලධාරීන් 49ක් නිරෝධායනය කර ඇත.


Exit mobile version