23 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සණස ව්‍යාපාරය වාර්ෂිකව සංවිධානය කරන නෙලුම් මල් හා කිරි ආහාර පූජාවේ 23 වැන්න මෙවරත් අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදී හා ජය ශ්‍රී මහා බෝධී පරිශ්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් සියලු ලක්වාසීන්ට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍ය කර්මයට මෙවර රාජාංගනය යාය 06/07 සණස සමිතිය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ආඬිගල රාජ මහා විහාරවාසී, රාජාංගනය ශ්‍රී විද්‍යාජෝති පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත කොත්මලේ චන්දානන්ද හිමිගේ සහ උතුරු මධ්‍යම දිසාවේ නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, අනුරාධපුර වව්නියා මුලතිව් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ශාඛාවේ පරිපාලන ලේඛකාධිකාරී, තලාව ශ්‍රී ඥානෝදය මහා පිරිවෙණේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමාධාරී සද්ධර්ම කීර්ති ශ්‍රී වාචිස්සර පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්දාභිධාන නායක ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණf්‍යා්ත්සවය පැවැත්විණි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස නෙලුම් මල් පූජාවෙන් ආරම්භ වී රුවන්වැලි මහ සෑ රදුන් උදෙසා කිරි ආහාර පූජාවෙන් සහ අභයගිරිය දානමය පිංකමෙන් අවසන් කෙරුණු මෙම පුණf්‍යා්ත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය බැතිමතුන් උදෙසා සිසිල් පැන් දන්සලක්ද මීට සමගාමීව සංවිධානය කර තිබිණි. ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් විශේෂ ස්තූතිය පුද කර සිටී.

Exit mobile version