22 හැවිරිදි වැඩිමල් සොයුරා 18 හැවිරිදි නැගනිය ගැබිනියක් කරලා!… සල්ලාල සොයුරා රිමාන්ඩ්

දිනසේන රතුගමගේ –

යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ තරුණියක්ව ඇගේම වැඩිමල් සොහොයුරා විසින් දූෂණය කොට ගැබිණියක් බවට පත් කිරීමේ චෝදනාව මත අදාල තරුණයාව දින 14 කට රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ (19) දා නියෝග කොට තිබේ.

වයස අවුරුදු 22 ක් වූ මේ තරුණයා විසින් වරින් වර දූෂණය කරණ ලද  ඔහුගේ නැගණියට වයස අවුරුදු 18 ක්   වන අතර ගැබ් ගැනීමෙන් පසුව එම දරුගැබ විනාශ කිරීම සදහා යාපනය අච්චුවේලී රෝහල වෙත ගිය අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් බව රෝහල් පොලීසිය දැණුම් දී තිබේ.

රෝහල් පොලීස්ය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන අච්චුවේලී පොලිසිය වෙත බාර දීමෙන් පසුව   අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇත.

තරුණියව පූර්ණ වෛද් පරීක්ෂණයකට ලක් කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළ මහේස්ත්රාත්වරයා සැකකකරුව දින දාහතරකට රිමාන්ඩ් බාරයේ තබන ලෙසද නියෝග කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනේ අච්චුවේලී පොලීසිය  සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version