2020 -21 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් කෝටි 3900යි… මහ බැංකුව කියයි…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතයත් සමග සංචරණ සිමා පැනවිම නිසා ශ්‍රි ලංකන් ගුවන්සේවය 2020 වර්ෂයේ අප්‍රේල් සිට 2021 ජනවාරි දක්වා කාලය තුළදි රුපියල් බිලියන 30.9ක ( කෝටි 3900ක්) අලාභයක් වි ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රි ලංකන් ගුවන්සේවය මගින් 2019 වර්ෂයේ අප්‍රේල් සිට 2020 ජනවාරි දක්වා කාලය තුළදි වාර්තා කළ රුපියල් බිලියන 13.9ක අලාභය හා සැසඳීමේ දි මෙම මෙහෙයුම් අලාභය වී ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

මෙකී කාලපරිච්ජේදය තුළදි ශ්‍රි ලංකන් ගුවන්සේවයේ ආදායම සියයට 75.9 කැපි පෙනෙන පහළ යාමක් වාර්තා කළත් මෙහෙයුම් වියදම ද සියයට 58.4කින් පහළ ගොස් ඇත.

Exit mobile version