20 ගැන පාර්ලිමේන්තු විවාදය මාසයකින්

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනයේ පාර්ලිමේන්තු විවාදය ලබන මස තුන්වැනි සතියේ දී පමණ ආරම්භ වනු ඇති බව ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවෙනි විසි වෙනි සංශෝධනයට විරෝධතා දැක්වීම හා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමට ඊයේ සිට දින හතක කාලයක් ලැබෙන අතර එසේ යම් අයකු ශ්‍රේෂ්ඨාධිකරණට යන්නේ නම් ඒ සඳහා වන තීන්දුව ලබාදීමට සති තුනක් පමණ ගත වන බවත් එම ඇමැතිවරයා කියා සිටියේය.

ඒ අනුව විසිවෙනි විසි වෙනි සංශෝදනයට ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවුණහොත් සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය සතියක් පුරා පැවැත්වීමට තීරණය කර තිබෙන බව එම ඇමතිවරයා සඳහන් කළේය.


පසුගියදා කෙටුම්පත් කරන ලද විසිවැනි සංශෝධනය අන්තර්ගත කරුණු වෙනස් කරනවාට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ බහුතරයකගේ කැමැත්තක් නොවූ බැවින් එම කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විසි වෙනි සංශෝදනයට අලුතින් යමක් එක් කිරීමට කෝ තිබෙන යමක් ඉන් ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේ සිදු කළ හැකි බවත් එසේ නොමැතිව එහි අන්තර්ගතය ඉවත දමමින් නව සංශෝධනයක් ගෙන ඒමේ කිසිදු පලක් නොමැති බවත් පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කර සිටි බව ඉහත ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version