දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි… දික්වැල්ල විසිවී නිශාන් මධුෂ්ක කණ්ඩායමට එයි …

ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය වෙලින්ටන්වලදී ආරම්භ වී ඇත. වර්ෂාවෙන් බාධා වූ තරගය ආරම්භ වන්නේ ප්‍රමාද වීය.  දිනයේ  දෙවැනි භාගය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තය වෙත ලබා දී ඇත. නවසීලන්ත ආරම්භක පිතිකරු යුවල මැනවින් පන්දුවට පහර දෙමින් සිටිති.  ඩෙවොන් කොන්වේ සහ ටොම් ලැතම් පන්දු ඕවර පන්දු ඕවර 21 අවසානයේ ලකුණු 73ක් ලබාගෙන ඇත.

කොන්වේ  ප්‍රහාරාත්මක පිතිකරණයකට ප්‍රවේශ වෙමින් ඇත. ඔහ දැනට ලකුණු 46ක් ලබාගෙන ඇතතේ හතරේ පහර 07ක් සමගිනි. ටොම් ලැතම් ලකුනු 17කි.

අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා තිබේ. ඒ අනුව  දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල  අද තරගයට ක්‍රීඩා කරන්නේ නැත.


නිශාන් මධුෂ්ක- (Photo by Harry Trump/Getty Images)

කඩුළු රකින ක්‍රීඩකයෙක් මෙන්ම ආරම්භක පිතිකරුවෙක් ද වූ  නිශාන් මධුෂ්ක අද මුහුණ දෙන්නේ  ඔහුගේ මංගල ටෙස්ට් තරගයටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිශාන් මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පැමිණි ක්‍රීඩකයෙකි.  පසුගිය දා එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් නිශාන් මධුෂ්ක ප්‍රකට කළේය. නිශාන් ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරුවෙක්  ලෙසය.

Exit mobile version