09 දා පොලිසියේ අත පය බැඳ දැමූ කොළඹ පොලිස් ප්‍රධානියෙකුගේ නියෝගයක් ගැන CID අවධානායට…

තමන් නියෝගයක් ලබා දෙන තෙක් එකම වතුර බිංදුවක් හෝ එක් කඳුළු ගෑස් උණ්ඩයක්  දිනය තුළ  භාවිතා කළ නොහැකි බවට නියෝග කරමින් පසුගිය 09 වැනිදා උදෑසන 06ට පැවති   කොළඹ පොලිස් ප්‍රධානීන්ගේ සූම් රැස්වීම අමතා  කොළඹ පොලිස් ප්‍රධානියෙක් ලබා දුන් නියෝගයක් පිළිබඳව ගොල්ෆේස් ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ.

එදින කොළඹ  සියලුම පොලිස් ප්‍රධානීන් අමතන මෙම නිලධාරියා    මින්   පෙර තමන්ගේ අවසරයකින් තොරව පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලද  ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා කාර්ය භාර්යයක් රහිතව    මාරු කර දැමූ බව   පවසා ඇතැයි   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන විශේෂ විමර්ශනයේ දී හෙළි වී තිබේ.

ඔහු දැඩිව මෙම අවස්ථාව කළමනාකරණය කිරීමේ වගකීම තමන් වෙත පවරාගෙන ඇතැයි ද  ඒ හේතුවෙන්  කළ යුතු දේ කිරීමට පොලිසියට තිබූ අවකාශය ඇහැරී ඇතැයි ද එම විමර්ශනවලින් හෙළි වී ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


;

Exit mobile version