ෆේස් බුක් සහ ඉන්සටග්‍රෑම් බිඳ වැටේ…  WhatsAppවලටත්  ගැටලුවක්!

පුළුල් තාක්ෂණික ගැටලුවක් නිසා මේ වනවිට  ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටී තිබේ.   මේ තත්ත්වය තුළ දහස් ගණන් සමාජ මාධ්‍ය පරිශීලකයින් බරපතල ගැටලුවකට මුහුණ දී සිටිති.

මෙටා තාක්ෂණික ස්ථාවරයේ කොටස් වන ෆේස්බුක් මැසෙන්ජර් සහ සමාජ මාධ්‍යවන මෙම ගැටලුව ගෝලීය වශයෙන් අති වී තිබේ.. සමහර පරිශීලකයින් WhatsApp පණිවිඩ යැවීමේ සහ ලැබීමේ ගැටළු ද වාර්තා කරයි .

අද සවස 3.20ට පමණ ඇති වෙමින් තිබූ මෙම බිඳ වැටීම මේ වනවිටත් වාර්තා වෙමින් තිබෙන බවත් මෙය කුමණ අවස්ථාවක යථාවත් වෙයි දැයි නොදන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා සිදුවන ඇනහිටීම් නිරීක්ෂණය කරන ඩවුන්ඩෙටෙක්ටර්, එක්සත් රාජධානියේ පමණක් ෆේස්බුක් අක්‍රිය වී ඇති බවට වාර්තා 160,000 කට වඩා පෙන්වයි. ඉන්ස්ටග්‍රෑම් වාර්තා 40,000 කට අධිකය.   මෙය වසර ගණනාවක් පුරා මෙටා සඳහා ඇති විශාලතම ගැටළු වලින් එකකි.


මෙටා හි සන්නිවේදන අධ්‍යක්ෂ Andy Stone ට්විටර්හි පණිවිඩයක් බෙදා ගනිමින් පැවසුවේ සමාජ  මෙටා සේවාවන්හි ගැටලුවක් ඇති බවත් හැකි ඉක්මනින් එම ගැටලුව නිරාකරණය කරන බවත්ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගැටලුවට හේතුව කුමක් ද යන්න පැහැදිලි නැත.  කෙසේ වෙතත් මෙම බිදවැටීමත් සමග ෆේස් බුක් ඉන්සටග්‍රෑම් පරිශීලකයින් X වෙත යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

 

Exit mobile version