හෝමාගම පිට්ටනියට නාමල් යෝෂිත දෙදෙනාත් විරුද්ධ වෙති

ගම්මන්පිලත් බොරු කියා පසුව බන්දුලව පාවා දෙයි

namal and yoshitha

හෝමාගම ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම එම පවුලට හිතවාදී සමූහයෙන් ද විරෝධතා එල්ල වී තිබේ. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙසොහොයුරන් තම ට්විටර් ගිණුම්වල දක්වා ඇත්තේ  මෙවැනි අර්බුදකාරී මොහොතක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වඩා පුමුඛතාව දිය යුතු දේවල් පවතතින බවයි.

හෝමාගම ඉදිරිකිරීමට නියමිත මෙම ජාත්‍යන්තර ක්‍රීඩාංගන ව්‍යාපෘතිය පසුපස අමාත්‍ය බන්දුල ගුණවර්ධන  සිටින අතර මෙම විරෝධතාව සැබැවින්ම ක්‍රීඩාංගණ  ව්‍යාපෘතියේ සංකල්පයට පවතින විරෝධයක්ද නැතිනම් බන්දුල ගුණවවර්ධන  සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පසුපස සිටින දේශපාලකයාට එරෙහි විරෝධතාවක්ද යන්න පැහැදිලි නැත. .

නාමල් රාජපක්ෂ  තම ට්විටර් ගිණුමේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කිරීම අප කළ යුතු වුවද මේ මොහොතේ ක්‍රීකට් ක්‍රිඩාංගණයක් ඉදි කිරීම පිළිබඳ යෝජනාව ප්‍රමුඛත්වයට දා ගත යුතු කරුණක් නොවන බවය. එසේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක මහේල ජයවර්ධන මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල එම ව්‍යාපෘතියට එරෙහිව අදහස් දක්වීම පිළිබඳව ද ප්‍රතිචාර දක්වා තිබූ නාමල් පවසා තිබුණේ මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමමට පෙර ප්‍රවිණයන්ගෙන් අදාළ අදහස් විමසිය යුතු බවය.


ඔහුගේ බාල සොයුරු යෝෂිත රාජපක්ෂද තම ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගන වැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ගැන ලෝකයම අර්බුදයක ගිලි දිටින මෙවැනි මොහොතක කතා කිරීම නුසුදුසු බවය. ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් කළ යුත්තේ මේ මොහොතේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රමාණවත් මුදල් තිබේ නම් මෙවැනි ව්‍යාපෘති කිරීමට වඩා ගම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට දැනට අඩුවක්ව පවතින  යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කිරීම බවය.

මෙම ක්‍රිඩාංගණය සම්බන්ධයෙන් පැන නැගුනු මුලික විරෝධතාවලදී එය පාලනය කිරීමට ක්‍රියා කළ තවත් දේශපාලකයකු වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලද මේ වන වවිට හෝමොගම යෝජිත  ක්‍රීඩාංගණයට සහය දැක්වීමෙන් ඈත් වී ඇති බව පෙනී යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමෙරිකානු ඩොර් මිලියන 40ක ව්‍යාපෘතිියක් වන මෙයට ශ්‍රි ලංකාවේ මුදල් වැය නොවන බවටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුුන්සිලයෙන් මුදල් ප්‍රතිපාදන ලැබෙන බවත් තමන් කී කතාව බොරුවක් බව ගම්මන්පිල පිළිගත්තේය. ඒ් සම්බන්ධව   ප්‍රසිද්ධියේ සමාව අයදමින් ඔහු  පැවසූයේ තමන්ට ඒ් බොරුව කීවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බවය.

 

 

Exit mobile version