හොර පාරෙන් ඉන්දියාවට යන්න ගිය 6ක් අත්අඩංගුවට

මන්නාරම ඉස්මොක්කන්තුරෙයි තුඩුව අසලදී නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට තැත්කළ හයදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර 07 සහ 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක්, 16 හැවිරිදි දැරියක්, 37 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිදිරි බෝට්ටුව පැදවූ අය වේ.
බෝට්ටුව පැදවූ පුද්ගලයා හැර අනෙකුත් සියලු දෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් ය.

බෝට්ටුව නාවික හමුදා භාරයට ගෙන ඇත. රැගෙන ගිය ඉන්ධන සහ අනෙකුත් උපකරණ මන්නාරම පොලිසියට භාර දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version