හඟුරන්කෙත විදුලි ප්‍රාදේශිකයේ නඩත්තු ඒකකයේ විදුලි අධිකාරිවරයෙකු බව කියන පුද්ගලයෙකු සන්තකයේ තිබී හොර ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ පොලීසිය විසින් ඊයේ (09) සොයා ගැනීමෙන් අනතුරුව එය සන්තකයේ තබා ගත් පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැක සහිත වාහනයක් පල්ලේකැලේ ජය ශ්‍රී උයන නිවසක ගරාජයේ තිබෙන බවට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී අදාළ වාහනය සොයාගත් බවත් එහි හිමිකරු ලෙස විදුලි අධිකාරිවරයා බව කියන පුද්ගලයා ඉදිරිපත් වූ බවත් පොලීසිය පවසයි.
චැසි අංකය හා එන්ජින් අංකය නොමැති මෝටර් රථයක් ළඟ තබා ගැනීම , ව්‍යාජ ලෙස සකස්කරන ලද වාහනයක් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෝටර් රථය රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ. වැඩිදුර විමර්ශන තෙල්දෙණිය පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරයි.
මේ වනවිට ගාල්තැන්නේ කපුවා සහ හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත ව්‍යාජ වාහන ලඟ තබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබේ.







