හෙළිකොප්ටර් අනතුරින් ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිය ඇතුළු 11 දෙනෙක් මිය යයි!

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකු  ගමන් කරමින් සිටි හමුදා හෙලිකොප්ටරය  ​​දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේදී අනතුරට ලක්වීමෙන් ජෙනරාල් රාවට් සහ ඔහුගේ බිරිය ඇතුළු 11 දෙනාම  මිය ගිය බව ඉන්දීය ගුවන් හමුදාව (IAF) වාර්තා කළේය.

ඉන්දියානු ගුවන් හමුදාව ට්විටර් සටහනක් මගින් කියා සිටියේ බදාදා දහවල් කුනූර් නගරය ආසන්නයේ දී මෙම “ඛේදනීය අනතුර” සිදු වූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙලිකොප්ටරය ගුවන් හමුදා කඳවුරක සිට ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය වෙත යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ද ඔවුන් දක්වා ඇත.


 

Exit mobile version