හෙට දරුවන් පාසල් එවනවිට විෂබීජ නාශක දියර ගෙදරින් එවන්න එපා…

සමන්තිකා වීරවර්ධන –                                                          

දිවයිනේ සියලුම පාසල හෙට (19) ආරම්භවන බැවින් පාසල වෙත විෂබීජනාශක දියරයන් රැගෙන යාම‌ට දරුවන්ට ඉඩ ලබා නොදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලිමක් කරයි‍.

පංතිකාමරය තුළදී දරුවන් මෙම විෂබීජනාශක දියරයන් ස්ප්‍රේ කර ගන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් හා මේවා වහා ගිනිඇවිලෙන සුළු බැවින් දරුවන්ට භාවිතයට දීම අවදානම් බව ඇය පෙන්වාදේ.

ගුරුවරයා පංතිකාරමය තුළ  නොමැති අවස්ථාවක දරුවන් මෙම දියරයන් එකිනෙකාට විද ගැනීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින්   යම් හේතුවකින් එම දියර දරුවන්ගේ ඇස්වලට ශරීරයේ විවිධ ස්ථානයන්ට  ස්පර්ශ වීමෙන් බරපතල අවදානම් තත්ත්වයන් මතුවිය හැකි බව ඇය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් පරිසරය තුළ දරුවන්ගේ දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ස්ථාන සකස් කර ඇති බැවින් විෂබීජනාශක දියරයන් එවීම අනවශ්‍ය කරුණක් යැයිද ඇය පෙන්වාදේ.

Exit mobile version