හිටපු රගර් ක්‍රීඩක ඊබ්‍රහීම්-රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුල්කි පිය පුතු යුවල ඊයේ සහ අද කොවිඩ් මරුවාට බිලි

zulki ahama

සුල්කි හමීඩ් සහ ඊබ්‍රහීම් හමීඩ්

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ සුල්කි හමීඩ් සහ ලංකාවේ සිටි විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙක් වූ ඔහුගේ පියා වන ඊබ්‍රහීම් හමීඩ්  පිය පුතු දෙපල කොවිඩ් ආසාදිතව දින දෙකක් තුළ දී මිය ගිය සෝචනීය පුවත වාර්තා කරමු.

සුල්කි හමීඩ් වර්ෂ 1991 -92 අවුරුදු දෙක තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි.  කණ්ඩායමේ කඩුළු රකින්නා මෙන්ම ප්‍රබල පිතිකරුවෙක් වූ සුල්කි 1992  රාජකීය ශාන්ත තෝමස් අවසන් මහා තරගයේ දී  දැක්වූ  සටන්කාමී පිති හරඹය පිළිබඳ තවමත් කථිකාවට ලක් වේ. එමෙන්ම ඔහු විද්‍යාලයීය ක්‍රිකට් කමිටුවේ කටයුතු කළේය.

සුල්කිගේ  පියා  මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ්ය.  වර්ෂ 1971 දී පොලිස් රගර් කණ්ඩායමේ නායකත්වය දැරුවේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු සිය රාජකාරී ජීවිතය නිමා කළේය. ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූයේ ඔහුය.


කීර්තිමත් ක්‍රීඩකයන් දෙපළක් මෙන්ම  යහපත් පුරවැසියන් දෙපළක් ලෙසත් ගෞරවයට පාත්‍ර වී සිටි මේ පිය පුතු දෙපළ කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියහ. සුල්කිගේ පියා ඊබ්‍රහීම් දැඩිසත්කර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.  සතියක කාලයක් රෝහල්ගතව සිට සුව වී නිවසට ගිය සුල්කි ඊයේ උදෑසන රෝගය උත්සන්න වී යළිත් රෝහල්ගත කළේය.    සුල්කි හමීඩ් අද (20)  අප අතරින් සමු ගත්තේය.  සුල්කිගේ පියා  ඊබ්‍රහීම් හමීඩ්  සුල්කි නික්ම යන්නට දිනකට පෙර   ඊයේ (19)  නික්ම  ගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මිය ගිය වැඩදායී පුරවැසියන් දෙපළ අපට පනිවිඩයක් කියා යති. ඔවුහු එන්නත් කරණයෙන් වැළකී සිට ඇත. ජීවත් වීම සඳහා මේ මොහොතේ පවතින ඕනෑම එන්නතක් ලබා ගන්න.  ඔබට කිව යුතුව ඇත්තේ එයය.

 

Exit mobile version