හිටපු නීතිපති දප්පුල TID නොගොස් උසාවි යයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  අද (24) උදේ අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

හිටපු නිතිපතිවරයා විශ්‍රාම ගිය 2021 මැයි මාසයේ  ඔහු විශ්‍රාම යෑමට දින කීපයකට කලින් පාස්කු ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් පවතින බවත්, සහරාන් හෂීම් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ එක් පුද්ගලයෙක් පමණක්  බවත් පැවසුවේය.

මේ ප්‍රකාශය කාදිනල් තුමා විසින් උපුටා ගැනීමත්  සමග  උක්ත ප්‍රකාශයෙන් පාස්කු ප්‍රහාර විමර්ශවනවල සත්‍යතාවය පිළිබඳ සැකයක් ඇති වී තිබෙන්නේ යැයි  කී අධිකරණ ඇමතිවරයා  හිටපු නීතිපතිවරයා වහාම ගෙන්වා ඔහු කී කතාවේ පදනම විමසා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස   නීතිපතිට දැන්වූයේය.

ඒ අනුව අවස්ථා දෙකකදි ත්‍රස්ථ විමර්ශන ඒකකයට කැඳවූ හිටපු නීතිපතිවරයා එම අවස්ථා මග හැරිය හෙයින් අද අවසන් දිනය බව ලිඛිතව දන්වා අද ප්‍රකාශයක් ලබා දීමට ත්‍රස්ථ විමර්ශන ඒකකයට නොපැමිණියහොත්  නීති මගින් ක්‍රියාකරන බව එම ඒකකය දන්වා සිටියේය.


ත්‍රස්ත විමර්ශන ඒකකයට නොගොස් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අධිකරණය හමුවට ගොස් තිබේ.

ඔහුගේ නීතිඥවරයා මාධ්‍යයට කීවේ මෙම ප්‍රහාරය සම්බන්ධව පිටු 130ක වාර්තාවක්  නීතිපතිවරයා ලෙස ඔහු ගේ නිරීක්ෂණ සමග පොලිස්පතිවරයාට යොමු කර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වාර්තාව සම්බන්ධව කෙසේ ක්‍රියා කළේ දැයි නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් විමසිය යුතු බවට නීතිඥවරයා යෝජනා කළේය.

Exit mobile version