හිටපු ජනපතිගේ ඡන්ද පෝස්ටරයේ සිටි දැරිය අතුරුදන් වීම ගැන තවම තොරතුරක් නෑ

ජුනි 1 වැනිදා වව්නියාවේදී මහා විරෝධතාවකට සූදානමක්

දිනසේන රතුගමගේ

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය ලබන 1 දා වවුනියාව නගරයේදී විශාල විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

එම සංගමයේ සභාපතිනී කේ.ජෙයවනිතා මහත්මිය ප්‍රකාශ කලේ තම සංගමය වීසින් අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටුකරන මෙන් ඉල්ලමින් වවුනියාව නගරයේ පවත්වා ගෙන යන විරෝධතාවයට ජූනි මස 1 දාට දින 2000 ක් ගත වීම නිමිත්තෙන් මේ විරෝධතාවය සංවිධානය කරන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තම අතුරුදහන් වූ දියණිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ  මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටරයක සිටි නමුත් අඩුතරමින් ඇය පිළිබදව හෝ යම් තොරතුරක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයාට නොහැකි වූ බවද  යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමයේ සභාපතිනී ජෙයවනිතා මහත්මිය මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 

 

Exit mobile version