හිටපු ක්‍රීඩා ඇමතියට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් සේවකයෙකුට අයි.සී.සී.යෙන් වසර 7ක ක්‍රිකට් තහනමක්…

අයිසීසී දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරදට වරද කරු බවට තහවුරු කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාර්ය සාධන විශ්ලේෂකවරයෙක් වූ සනත් ජයසුන්දර නැමැති අයට අයිසීසී දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් වසර හතක පූර්ණ ක්‍රිකට් තහනමක් ප්‍රකාශ කර තිබේ.

මෙම ක්‍රිකට් තහනම ඔහුගේ ක්‍රීඩා මැදිහත්වීම් තාවකාලිකව අත්හිටුවනු ලැබූ වර්ෂ 2019 මැයි මස 11 දා දින සිට බලපැවැත්වෙනපරිදි ක්‍රියාත්මක වන බව අයි.සී.සී. ය නිවේදනය කරයි.

ක්‍රීඩකයෙක් ජාතික සංචිතයට ඇතුළත් කරගැනීම සඳහා හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු වෙත අල්ලස් මුදලක් ලබා දීමට යෝජනා කිරීම සම්බන්ධව වූ මෙම පැමිණිල්ල ක්‍රීඩා ඇමතිවරයා විසින් අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය වෙත යොමු කර තිබිණි.


ඒ පිළිබඳ දීර්ඝ වාචික හා ලිඛිත තර්ක විතරක් විමසා බැලීමෙන් පසු විනිශ්ඡය සභාව ජයසුන්දර වැරදිකරු බව ඔප්පු කර ඇති බව ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී. ය අද (05) ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික තරගයක ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංශයකට කිසියම් ආකාරයකින් බලපෑම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමතිවරයාට අල්ලසක් හෝ වෙනත් ත්‍යාගයක් පිරිනැමීමට උත්සාහ කිරීම, අයිසීසී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ සිදුවිය හැකි දූෂිත හැසිරීම් පිළිබඳ සිදුකරන පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, සම්බන්ධව සනත් ජයසුන්දර වරදකරු වී යැයි තහවුරු වූ බව අයි.සී.සී. ය කීවේය.
අයිසීසී දූෂණ මරධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කර තිබුණේ අමාත්‍යවරයකුට අල්ලස් දීමට ජයසුන්දර දැරූ උත්සාහය බරපතළ වරදක් බවත් ඒ දූෂිත හැසිරීම වසා ගැනීමට ඔහු දැරූ උත්සාහය සහ වරද සම්බන්ධව පසුතැවීමක් නොමැති ඔහුගේ හැසිරීම බලාපොරොත්තු සුන් කරන්නක් බවත්ය.
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිත හැසිරීම් කිසිවක් තමන් නොඉවසන බවත්, එවැනි හැසිරීම වැළැක්වීම සඳහා තමන්ගේ කණ්ඩායම ඉතා තදින් ක්‍රියා කරනු ඇති බවත්, ප්‍රකාශ කළ දූෂණ මර්ධන ප්‍රධානියා කීවේ මෙම තහනම වැරදි මාවතේ යෑමට පෙළඹෙන ඕනෑම කෙනෙකුට කෙනෙකුට පාඩමක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩි දුර විස්තර…
https://www.icc-cricket.com/media-releases/2184113
 

Exit mobile version