හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ සහය ගන්න ටී.එන්.ඒ සාකච්ඡා ඇරඹෙයි

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා  සහ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් අතර සාකච්ඡාවක්  19 දා මන්නාරමේදී පැවැත්වුණි.

මන්නාරමේ පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවති මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද සහභාගී වී තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී හිටපු හා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සහය දෙමළ ජාතික සන්ධානය වෙත ලබා ගැනීමේ අරමුණින් මේ සාකච්ඡාව පවත්වා තිබේ.


පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය වශයෙන් පක්ෂයක් පිහිටුවාගෙන ඇති අතර ඔවුන් ද උතුරේ බොහෝ පළාත්වලින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් එම පක්ෂයට ආධාර ලබා නොදෙන පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සිටින අතර දෙමළ ජාතික සන්ධානය සහය ලබා ගැනීමට සූදානම් වන්නේ එම සාමාජිකයින්ගේය.

Exit mobile version