හැමදාම පරිත්‍යාගශීලීන් මත යැපෙන්න බෑ… අවුරුද්දේ අග වනවිට ළමා රෝහල ඛේදවාචයක් වන හැටි නියෝජ්‍ය අධ්‍යක්ෂ කියයි!

ගතවන  වසරේ අවසාන කාර්තුව  තුළ  රිජ්වේ ආර්යා ළමා රෝහලට උග්‍ර ඖෂධ සහ ශළ්‍ය උපකරණ වල හිගයකට මුහුණ දීමට  සිදුවන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති   සඳහන් කරයි.

මේ වන විට ද  රෝහල තුල උග්‍ර  ඖෂධ සහ ශල්‍ය උපකරණ හිගයක් මතුව ඇති නමුත් එම හිගය පියවා ගැනීමට  විදේශීය පරිත්‍යාගශීලීන්ගේ සහය ලැබෙන බැවින්   ඉදිරි මාස 3ක පමණ කාලයක් සඳහා බරපතල ගැටලුවකින් තොරව රෝහලේ ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමේ හැකියාවක්  ඇති බව ඔහු පවසයි. 

මේ තත්ත්වය තාවකාලික පිළියමක් බවත්  ඉදිරියේ දී  මේ ප්‍රායෝගික ව්‍යසනයට   විසඳුමක් නොමැති බවත් රෝගී දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සම්බන්ධව ඇතිවන ගැටලුව නොවැළැක්විය හැකි බවත්  නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා  පෙන්වා දුන්නේය.   

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට   සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් නිතරම සාකච්ඡා   කළද   මේ වන තෙක් කිසිදු විසඳුම්ක් ලබා දීමට අපොහොසත් විම හේතුවෙන් මෙම තතත්වය ඉතා බරපතල වන බවද වෛද්‍ය සේනාපති  අනතුරු අඟවා සිටියි.


Exit mobile version