හලාවත “ෆයිසර් මගඩිය“ පත්තු වේ… වෛද්‍යවරයෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් මාරු කර පරීක්ෂණ අරඹයි…

කීර්ති ප්‍රනාන්දු – 

හලාවත කොක්කවිල පාසලේ එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී    වයස අවුරුදු 18න් පහළ පිරිසකට ෆයිසර් එන්නත් ලබා දුන් බවට කියන සිද්ධියට අදාල වෛද්‍යවරයෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකට වහාම ක්‍රියාත්මකවන පරිදි  ස්ථාන මාරුවීම් ලබා දුන් බව පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු පැවසුවාය.

ඊට අමතරව එම සිද්ධිය පිළිබඳව ඉතා පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඇය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියට සම්බන්ධ වැරදි සහගත රාජකාරි කළ සියලුම නිලධාරීන්ට  තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පැවසුවාය.


Exit mobile version