හරීන්ගේ සොයුරියගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි…

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශනපවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තතුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ස.ජ.බ පාර්ලිමේන්ත්‍රී   හරීන් ප්‍රනාන්දුගේ සහෝදරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකර තිබේ.

ඊට මුල්වී ඇත්තේ පාස්කු  ප්‍රහාරයෙන් පසු දින හරීන් ප්‍රනාන්දු  මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයට පෙර දින රෝහල්ගතව සිටි සිය පියා පාස්කු දින පල්ලි නොයන ලෙසත් ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව ඇති බවත් කළ ප්‍රකාශයයි.

එම  මාධ්‍ය හමුවේදී හරීන් ප්‍රනාන්දු සිය පියා ඒ කථාව තමාට පැවසූ බව සඳහන් කළ බව කීවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම හමුවේ ඔහු සාක්ෂි දෙමින් පවසා තිබුණේ වෙනත් කථාවකි. එනම් ඒ කථාව සිය පියා විසින් පවසා තිබුණේ තමාට නොව, සිය වැඩිමහල් සහෝදරියට බවය. පාස්කු ප්‍රහාරයෙන් පසුදින සහෝදරිය තමාට දුරකතන ඇමතුමක් දෙමින් සිය පියා පෙරදින තමාට (සහෝදරියට) පල්ලි නොයන ලෙස දැනුම් දුන් බවත් ප්‍රහාරයක් එල්ලවන බවත්   කී බව  පාස්කු කොමිසම හමුවේ හරීන් සඳහන් කර තිබුණි.


ඒ සම්බන්ධයෙන් පාස්කු කොමිසන් සභා වාර්තාවේ සඳහන් කරුණු කෙරෙහි  විශේෂ අවධානයක් යොමු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකරනු ලැබීය. හරීන් ප්‍රනාන්දු  තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කරන්නේද මෙවන් පසුබිමක් තුළදීය.

එහෙත් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එදා මාධ්‍ය හමුවක් පවත්වමින්   කියා ඇත්තේ බොරුවක් බවය. මන්ත්‍රීවරියගේ සහෝදරියගෙන් ඉකුත් 29 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේද තවදුරටත් ඒ කරුණු තහවුරුකර ගැනීමටය. එහිදී   පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ සහෝදරියට පියා විසින් පාස්කු ප්‍රහාරයට පෙර දින කී කථාව පාස්කු ප්‍රහාරය සිදුවූ දින සවස සහෝදරිය විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන්කර ඇති බවය.  ඒ බව සහෝදරියගෙන් ප්‍රශ්න කිරීමේදී තහවුරුවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ජංගම දුරකතනය ඇතුළු ඔහු භාවිතතා කළ වෙනත් දුරකතනද විශ්ලේෂණයකට ලක්කර ඇති අතර එහිදීද පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඔහු සහ පියා අතර ඒ වවකවානුවේදී සම්බන්ධයක් නොපැවති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම සහෝදරිය විසින් ලබාදුන් දුරකතන ඇමතුමද පැහැදිලිවම එම විශ්ලේෂණයේදී තහවුරු වී ඇත. එසේම හරීන් ප්‍රනාන්දු   රෝහල්ගතව සිටි සිය පියාගේ දුක  සැප විමසීමට ගොස් නැති බවද විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණයෙන් තහවුරු වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

Exit mobile version