හමුදාව නැතුව ඉන්ධන බෙදන්න ඉන්ධනහල් හිමියෝ බියවෙති

Fuel station security

බස්නාහිර පළාතේ ඉන්ධනහල් සඳහා ලබා දී තිබූ යුධ හමුදා ආරක්ෂාව මෙයට දින කිහිපයකට පෙර ඉවත් කර ඇති අතර එම හේතුව නිසා ගැටුම් ඇතිවේ යැයි යන සැකය මත ඇතැම් ඉන්ධනහල් හිමියන් සිය ඉන්ධනහල් සඳහා ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින තත්ත්වයක් මතු වී ඇතැයි සඳහන් වේ.

මේ පිළිබඳව ඉන්ධනහල් හිමියන් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතත් හමුදා ඛණ්ඩ වැඩි පිරිසක් කොළඹ නගරයේ රාජකාරි සඳහා යෙදවූ බැවින් හමුදා ආරක්ෂාව ලබා දීම අපහසු යැයි දැනුම් දුන් බව ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. තවමත් රට තුළ ඉන්ධන බෙදාහැරීම ස්ථාවර වී නොමැති තත්ත්වයක් තුළ වාහනයේ අංක තහඩුවේ අග අංකයට අනුව ඉන්ධන ලබා දීම ද අක්‍රමවත්ව ඇති පසුබිමක් තුළ සපයන ඉන්ධන තොගයට සාපේක්ෂව විශාල වාහන ප්‍රමාණයක් ඉන්ධනහල් අසළ ගාල් කර තිබේ. බොහෝ අවස්ථාවල ඉන්ධන හල් අසළ උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවන බවත් එම තත්ත්වය පාලනය කිරීම එම ස්ථානයට යොදවා ඇති පොලිස් නිළධාරීන්ට පමණක් අපහසු බැවින් එම ඉන්ධනහල්වලට හමුදා ආරක්ෂාව මේ අවස්ථාවේදී අත්‍යාවශ්‍ය බව බෙදුම්කරුවන්ගේ අදහස වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහෝ පිරවුම්හල් අසළ, ඉන්ධන අවසන් වීම හේතුවෙන් ද, ඉන්පසු දිනයේ අංක තිබෙන වාහන වේලාසනම පැමිණ ඉන්ධන හල අසළ නවතා ගැනීම හේතුවෙන් ද ජනතාව අතර සේම, ඉන්ධන හල් හිමියන් සමඟින් ද ගැටුම් ඇති වෙයි. මේ පිළිබඳව විමසීමට යුධ හමුදා ප්‍රකාශකවරයා ඇමතුව ද ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවිණි.


Exit mobile version