ජාතික ජනබලවේගයට ලැබුණු එකම ජාතික ලයිසතු මන්ත්‍රී ධුරය වඩාත් අර්ථවත් ලෙස තෝරාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා සුනිල් හඳුන්නෙත්තිව යොජනා කර නැත. පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණය කරන බිමල් රත්නායකට එම අවස්ථාව ලබා දීමට අවධානය යොමු වී තිබේ.
ඒ සමගම වඩාත් ඵලදායී වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඍජු දේශපාලන සබැඳයාවක් නැති වෘත්තිකයෙක් වෙත එම අවස්ථාව ලබාදීම බවට යෝජනාවක් මතු වී තිබේ.
මේ සම්බන්ධ අවසන් තීරණය හෙට (09) ලබදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ආරංචි මාර්ග පවසයි.