හදිසි නීතිය දැම්මේ අරගලය පාලනයට නොවේ… එදිනෙදා කටයුතු කරගන්න – අගමැති!

හදිසි නිතිය පනවා ඇත්තේ අරගලයකරුවන් පාලනය කිරීමක් සිදුනොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

අගමැතිවරයා පවසන්නේ හදිසි නීතිය පනවා ඇත්තේ එදිනෙදා කටයුතු පාලනය කරගැනීම සඳහා බවය.

එදිනෙදා නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම විනා වෙන කිසිම දෙයකට හදිසි නීතිය පාවිච්චි වෙන්නට නොදෙන බව අගමැතිවරයා කීවේය.  අරගලකරුවන්ට විශේෂ පණිවිඩයක් දෙන්නට නොමැති බවත් ඔවුන්ගේම සංවිධාන ඔවුන්ට පණිවිඩ ලබා දෙමින් සිටින බවත් ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැති ධුරයට පත්වීමෙන් පසු ඉතිහාසයේ විශිෂ්ට  වාමාංශික නායකයක් වූ බොරළුගොඩ සිංහයා ලෙස ලාංකේය අරගල ඉතිහාසයේ හඳුන්වා දුන් සිය පියාණන්වන  පිලිප් ගුණවර්ධනගේ කොස්ගම බොරළුගොඩ පිහිටි ස්මාරකයට ඊයේ (29) සවස පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු   මාධ්‍ය    අමතමින් අගමැතිවරයා මේ බව පැවසුවේය.


Exit mobile version