සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි – සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අයගේ පවුල්වලටත් එන්නත

PHI-officers

සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයින් 5 දෙනකුට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට විෂය භාර අමාත්‍යවරිය කැමැත්ත පළකිරීමත් සමග ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අද (25) දිනයේදී පැවැත්වීමට තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

කොවිඩ් මර්දන කටයුතු සදහා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දායකත්වය ලබා දෙමින් සිටියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් කොවිඩ් එන්නත ලබා දිමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරිමට එරෙහිව මෙම වර්ජනය පැවැත්වීමට නියමිතව තිබුණි.

අද දිනයේදී අදල එන්නත සෙසු සෞඛ්‍ය මණ්ඩලවල පවුලේ සාමජිකයින්ට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකළහොත් ලබන 31 වන දින සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍යවරුන් හැරුණු කොට අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අයටද කොවිඩ් මර්ධන එන්නත වහාම ලබා දෙන තෙක් අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලුම දෙනා කොවිඩ් එන්නත්කරන වැඩ සටහනින් ඉවත් වීමට මීට පෙර තීරණය කර තිබුණි.

Exit mobile version