සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලිහිල් කළේ ඉහළ නියෝගයකින්… නියොජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් 

Susie-Perera-

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( මහජන සෞඛ්‍යය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසයේ මාරන්තික ඩෙල්ටා ප්‍රභේදය රටේ ප්‍රදේශ කීපයකින් වාර්තා වී ඇති මෙවන් අවදානම් අවස්ථාවකදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලිහිල් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වුවමනාව මත සිදු වූවක් නොව ඉහළින් ආ නියෝගයන් මත සිදුවූවක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කළාය.

ඉහලින් මෙම නියෝගය පැමිණියේ මිනිසුන්ගේ ජීවනෝපායන් යථාවත් කිරීම ඉලක්ක කරගෙන බැවින් සියලුම දෙනා ලබා දි ඇති නිදහස අසීමිතව භාවිතා නොකර වගකීමෙන් කටයුතු කරන්නැයිද ඇය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කළාය.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් පවතින බැවින් එයට මූහුණ දීම සදහා වෛද්‍ය සේවාව ශක්තිමත් කරමින් ඉදිරියට යාමට සිදුව ඇතැයි ද ඇය පැවසුවාය.

Exit mobile version