කොවිඩ් මරණ වාර්තා නොවූ බව කී ඊයේ කරාපිටිය රෝහලේ පමණක් කොවිඩ් මරණ 11ක්…

ලලිත් චාමින්ද –

කොවිඩ් මරණ වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ ඊයේ දිනයේ පමණක් කොවිඩ් ආසාදිත මරණ 11ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකර ඇති බව වාර්තා වේ.

Press Release - 552-page-001
ඊයේ කොවිඩ් මරණ වාර්තා නොවූ බවට රජය නිකුත් කළ වාර්තාව.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.




මේ තහවුරු කරන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි හා නිවෙස්වල දි මෙකි පුද්ගලයින් මියගොස් ඇති බව කියයි
.
මෙකී පුද්ගලයින් 11 දෙනාම මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවෙන් වු සංකුලතා හේතුවෙන් බව එම පශ්චාත් මරණ පරික්ෂණ සිදුකළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි සනාථ කළාය.

ගාල්ල උණවටුණ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදිවියේ පසුවන තිදරු මවක්, ගිංතොට ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදිවියේ පසුවු පිරිමි අයෙකු, පිටිගල අමුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවු දෙදරුපියෙකු,මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදිවියේ පසුවන සිව්දරු පියෙකු, මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදිවියේ පසුවන පිරිමි අයෙකු කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. 70 හැවිරිදිවියේ පසුවන එක් දරුපියෙකු නිවසතුලදි මියගොස් ඇති අතර ඔහු ගාල්ල රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම නිවෙස්වල සිටියදි ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදිවියේ පසුවන කාන්තාවක්, ගාල්ල දෙද්දුගොඩ පදිංචි 62හැවිරිදිවියේ පසුවන කාන්තාවක් හා ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදිවියේ පසුවන කාන්තාවක් මියගොස් ඇති බවද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.මිට අමතරව අක්මිමන අංකොක්වල ප්‍රදේශයේ පුද්ගලයකු ද කොවිඩ් වෛරසය ආසාදනය වි කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂක ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න, ගාල්ල කඩවත්සතර හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් විසින් සිදුකරණු ලැබිය.

ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 19 වැනිදා සිට මැයි මස 08වැනිදින දක්වා කාලය තුලදි කොවිඩ් ආසාදිත මරණ 200ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පවසයි.

මින් මරණ 160ක්ම වි ඇත්තේ තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.

Exit mobile version