සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය අර්බුදය උග්‍ර වෙයි: GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට දැඩි වෙයි! ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිටයි…

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (02) පෙරවරු 8.00 සිට තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇත.  වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම මීට හේතු වී තිබේ.

මෙම වර්ජන ක්‍රියාවලිය දියත් කරමින්     වෛද්‍යවරුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින මූල්‍ය ප්‍රතිලාභ අතර, වත්මන් උද්ධමනයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ ‘ප්‍රවාහන සහ නඩත්තු දීමනාව’ (Disturbance, Availability and Transport – DAT allowance) සංශෝධනය කිරීම ප්‍රමුඛ වේ. මීට අමතරව, රජයේ සේවකයන් සඳහා ලබා දුන් රුපියල් 10,000ක දීමනාව වෛද්‍යවරුන්ගේ මූලික වැටුපට එකතු කිරීම සහ අතිකාල දීමනා ගණනය කිරීමේ පදනම යාවත්කාලීන කිරීම වැනි මූල්‍ය ඉල්ලීම් ද මීට ඇතුළත් ය.

මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව, වෛද්‍ය මාරුවීම් පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද ඔවුහු දැඩි විරෝධය පළ කරති.

අද සිට ක්‍රියාත්මක වන සීමා කිරීම් වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමත් සමඟ   රෝහල් තුළ විශේෂිත වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් GMOA විසින් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව රෝහලේ නොමැති ඖෂධ හෝ වෛද්‍ය උපකරණ  බාහිරින් ලබා ගැනීමට  රෝගීන්ට  නර්දේශ කරන තුණ්ඩු  (Prescriptions) නිකුත් කිරීමෙන් වෛද්‍යවරු වැලකී සිටිති.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

රෝහලේ නොමැති  රසායනාගාර පරීක්ෂණ බාහිරින් ලබාගැනීම සඳහා රෝගීන්ට නිර්දේශිත තුණ්ඩු (Prescriptions) නිකුත් කිරීමෙන් වෛද්‍යවරු  වැළකී සිටිති.

රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වෙති.

GMOA  හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් තමන්ට අනුයුක්ත රෝහලෙන් බැහැරව වෙනත් රෝහල්වල සේවා ආවරණය කිරීම නතර කිරීමට කටයුතු කරති.

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිව අලුතින් විවෘත කරන වාට්ටුවල සේවය සඳහා  වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමෙන් වැළකී සිටීම  සහ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන වෛද්‍ය කඳවුරුවලින්  ස්වේච්චාවෙන් සේවය කිරීමෙන්  ඉවත් වීමට ද   අද සිට දැඩිව කටයුතු කිරීමට GMOA තීන්දු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, වෛද්‍යවරුන් ඉල්ලා සිටින මූල්‍ය දීමනා ලබාදීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් පවතින බවය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි විශාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා රජය පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවා බිඳවැටීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇති අතර, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට වෛද්‍යවරුන්ට ආරාධනා කරන බව ද රජය පවසයි.

පසුගිය 26 වැනිදා ආරම්භ වූ මෙම වෛද්‍ය වර්ජනය අද සිට දැඩි වීමත් සමඟ දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා 2026 ලෝක කුසලාන ප්‍රදර්ශන කණ්ඩායම අතර බහින්බස් වීමක්… කුසලානය රැගෙන කෝවිල් භූමියෙන් පිටවන්නැයි භාරකාරවරු දන්වති!

Next Post

පොලිස් පරීක්ෂකවරුන් 145ක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.