බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යය ඇමති තුමා… ආයුර්වේද  ඖෂධ සංස්ථාවට අබ සරණයි…  මාලිමානු සභාපති තුමිය සමග සංස්ථාව වැළලෙන්න පෙර වෙන දේ දැනගන්න…

by editor
නොවැම්බර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • නිශ්පාදනාගාරයට කාර්මාන්ත ශාලා බලපත්‍රයක් නෑ… පරිසර බලපත්‍ර්යක් නෑ… නිශ්පාදනය කරන බෙහෙත්වලට තත්ත්ව සහතිකයක් නෑ…. ඒ නිසා ඉල්ලුමක් සහිත බෙහෙත් නිශ්පාදනයට අමුද්‍රව්‍ය ලබා ගන්න බෑ…

මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස විනාශයට ලක් කරමින්  ආයුර්වේද පනත ද උල්ලංඝනය කර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් වගකීම් රහිතව සහ අනාරක්ෂිතව සිදුකරන ඖෂධ නිශ්පාදනය සම්බන්ධව ආයතනය තුළින්ම බරපතල විරෝධයක් මතුවෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රධානතම මෙන්ම එකම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත වත්මන් රජය විසින් පත් කර එවූ සභාපතිනියගේ වගකීම් රහිත සහ අත්තනෝමතික හැසිරීම මේ ව්‍යසනයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ආයුර්වේද පනතෙහි පරිදි ඖෂධ නිෂ්පාදනාගාරයක් නීත්‍යානුකූලව පවත්වා ගෙන යාමට නම් සෑම වර්ෂයක් පාසාම කර්මාන්තශාලා බලපත්‍රය යාවත්කාලීන කළයුතු අතර ඒ් සඳහා කර්මාන්තශාලා පරිශ්‍රය නියමිත ප්‍රමිති තත්වයන්ට අනුකූලව පවත්වා ගෙන යා යුතුව ඇත.

එය හුදෙක්ම කර්මාන්තශාලා කළමණාකරුගේ මූලික වගකීම වන අතර වසර ගණනාවක සේවා පලපුරුද්දක් සහිත කර්මාන්තශාලා කළමණාකරුවෙක් ආයතනය තුළ සිටියද මෙම අත්‍යවශ්‍ය රාජකාරිය හෝ ඔහු අතින්  සිදු වී නැති බව අනාවරණය වී තිබේ.

තවද  නිෂ්පාදනය කරනු ලබන ඖෂධයන් සඳහා තත්ව සහතිකයන් ලබා ගැනීමට   පරිසර බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වුවද වසර ගණනක් තිස්සේ  මේ වන තුරු එම පරිසර බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් ආයුර්වේද සංස්ථාවේ  කිසිදු ඖෂධයක් සඳහා  තත්ව සහතිතයක් ලබා ගැනීමටද නොහැකිව ඇති බවත් වාර්තා වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම රාජකාරිය වෙනුවෙන් තත්ව පාලන කළමණාකරුවෙක් ආයතනය තුළ සිටියද   තත්ව සහතිකයක් හෝ තත්ව පාලනයක් නියමිත ආකාරයට ලබා ගැනීමට අදාල ක්‍රියාවලිය ඔහු හරහා සිදුවී නැති බව ද හෙළි වී ඇත.

ඒසේම රස වටිකා අංශයෙන් බැහැර කරනු ලබන බැරලෝහ මිනිස් ශරීරයට මෙන්ම සත්තවයින් පවා ඉතාමත් අහිතකර බව සහතික ලෙස තහවුරු කර තිබිය දී  සංස්ථා පරිශ්‍රයෙන් බැහැර ආයුර්වේද දෙපාර්තමේන්තු භූමිය වෙත එම විෂ ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස බැහැර කර තිබේ. කානු පද්ධතියක් ලෙසින් හරවා ඇති අතර ඒම විෂ පසට හා ජලයට එකතු වීමෙන් කුඩා සතුන් මත්ස්‍යන් මෙන්ම පැලෑටි සහ පස විනාශ වී ඇති අතර විෂ ගන්ධයක් ද නිකුත් වෙමින‍් ඇති බව සේවකයෝ පවසති

මෙම තත්වය පසුගිය පාලන අධිකාරියේ දැඩි අවධානයට ලක්ව ඒ් සඳහා නියමිත අපද්‍රව්‍ය බැහැර ක්‍රියාවලියක් සඳහා කඩිනමින් කටයුතු කිරීමට තත්ව පාලන කළමණාකරුට හා කර්මාන්තශාලා කළමණාකරුට අදාල වගකීම් පවරන ලද නමුත් මේ වනතුරුත් එම තත්ත්වය නිවැරදි වී නැති බව ද සේවක පිරිස් පෙන්වා දෙති.

පරිසර බලපත්‍රය ලබා ගැනීමට මෙම අපද්‍රව්‍ය බැහැර ක්‍රියාවලිය ක්‍රමවත් විය යුතු මෙන්ම සේවක සෞඛ්‍ය සුරක්ශිතතාවයද තහවුරු කර තිබිය යුතුය. මේ සියලුම තත්ත්වයන්ගේ අවසාන  ප්‍රතිපලය බවට පත්වී ඇත්තේ ආයතනයේ නිෂ්පාදනය කෝටි හය හතකින් පහල ගොස් තිබීම බව අනාවරණය වේ.

මේ ආකාරයෙන් නිශ්පාදන බිඳවැටීමට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ප්‍රධාන පෙළේ ආයුර්වේද රෝහල් සඳහා ලබා දීමට අවශ්‍ය ප්‍රධානම ඖෂධ නිශ්පාදනය නොවීම බව වාර්තා වී ඇත.

පිණ්ඩ වැනි තෙල් වර්ග මෙන්ම ක්වාත වර්ග ද නිශ්පාදනය ආයුර්වේද ඖෂධ සංස්ථාව තුළ සිදුනොවන බවත්, අවසන් වරට ක්වාත නිශ්පාදනය කර ඇත්තේ පසුගිය වසරේ අවසන් කාර්තුවේ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. දැනට ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් නිශ්පාදනය කරන ප්‍රධානම නිශ්පාදනය පහසුවෙන් සහ වැඩි පිරිවැයකින් තොරව නිශ්පාදනය කළ හැකි ශරෂපාදී තෛලය පමණක් බව ද එම ආරංචි මාර්ග පවසයි.

බොහොමයක් විශාල ඉල්ලුමක් පවතින බෙහෙත් වර්ග සඳහා ඖෂධීය එතනෝල් ,අබිං මෙන්ම ගංජා භාවිතා වන අතර පරිසර බලපත්‍රය නොමැති වීම හා කර්මාන්තශාලා බලපත්‍රය යාවත්තාලීන නොවීමෙන් ඉහත කී අමුද්‍රව්‍ය භාවිතයට ඇති නීතිමය බාධා හේතුවෙන් නිෂ්පාදන ලාභය කෝටි ගණනින් පහල ගොස් තිබේ.

ආයතනය තුළ සිදු වන සෑම ඖෂධ නිෂ්පාදනයක්ම මහජනතාවට ඉතාමත් වගකීමෙන් මෙන්ම සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම ආයතනයේ මෙන්ම රජයේ මූලික අරමුණ වුවද ඒ සියල්ලට පටහැනිව සභාපතිනිය ඇතුළු  ඉහළ කළමණාකාරිත්වය කටයුතු කිරීම, අකාර්යක්ෂම වගකීම් පැහැර හරින නිලධාරීන්ට සේවා දිගු ලබා දීමට සැලසුම් කරමින් ඔවුන් ආරක්ෂා කිරීම, සිය අභිමතය පරිදි ආයතනය හසුරුවමින් ආයතනයත් අවසානයේ දී රජයත් ව්‍යසනයට ලක් කිරීම  සම්බන්ධයෙන් වෘත්තිය සමිති සිය අප්‍රසාදය දැඩිව පල කර ඇති අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර නිසි විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත එළඹෙන බවත්   ලංකාසර කළ විමසීමකදී පැවසුවේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෂොපින් බෑග් නීතිය අද සිට ක්‍රියාත්මකයි!

Next Post

ඥානසාර හිමියෝ හිජාබය වෙනුවෙන් පෙනී සිටිති…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.