අද (4) රාත්‍රියේ මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක තෙවැනි මහලේ ඇති වූ ගින්නකට හසුවී සරසවි ශිෂ්‍යාවක් පිළිස්සී මිය ගොස් ඇතැයි මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පවසන මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඇතැම්විට මෙම සිසුවිය සිය සිරුරට ගිනි තබාගැනීමක් කරන්නට ඇතැයි සැක කරන බව කියයි.
එසේ ඇතිවූ ගින්න මහල් නිවාසය තුළ පැතිරෙන්නට ඇතැයි සැක කෙරේ.
මොරටුව නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න නිවා දමා ඇති බවත්, සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පොලිස් පරීක්ෂණ මේ වනවිට පැවැත්වෙන බවත් පොලිසිය පැවසීය.