බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ සිද්ධියකින් පාතාල නායකයකු ව සිටී “සොත්ති උපාලි”නමැත්තාගේ බාල පුත්‍රයාගේ පිහි පහරකට ලක් වී පුද්ගලයෙක් මිය ගොස් ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරඹෙවෙලගෙ දොන් චිරන්ත ගයා ජයසංඛ නොහොත් “ගයියා” නමැති විසිහත් හැවිරිදි පුද්ගලයා විසින් එල්ල කළ පිහි පහරින් මියගොස් ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (25) සිදු කරනු ඇතැයි ද පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
Discussion about this post