සේවකයන් 400 ඉවත් කර කණ්ඩලම හෝටලය මුලුමනින් වසා දමයි…

කාංචන කුමාර ආරියදාස –

ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තිරණය කළ බව එහි කළමනාකරු  ප්‍රියාන් විජේරත්න මහතා පවසයි

මේ වන විට කණ්ඩලම හෝටලයේ සේවකයන් කිහිප දෙනකු හෝටලයේ  නඩත්තු කටයුතු පමණක් සිදු කරමින් සිටින බව ද එහි පාලනාධිකාරිය පවසයි.

ලෝකය පුරා  සංචාරකයන්ගෙන් පිරුණු පරිසර හිතකාමී තරුපහේ හෝටලයක් ලෙස ජනාදරයට පත්ව තිබූ මෙම හෝටලය කාමර 150කින් යුක්තය.


සේවකයන් හාරසියයකට අධික පිරිසක් ද ඊට අමතරව හෝටලයට විවිධ සේවාවන් සපයමින් වක්‍රාකාරයෙන් 2000 පමණ දෙනා ජීවත් කරවූ සංචාරක හෝටලය මේ වන විට ජනශුන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වයිරසය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීම් දේශීය සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා දිගින් දිගටම කන්දලම හෝටලය පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමක පැමිණීම නිසා වසා දැමීමට එහි පාලනාධිකාරිය  තීරණය කළ බව එහි කළමනාකරු  ප්‍රියාන් විජේරත්න වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් කොරෝනා කාල සීමාවේ  සෑම සේවකයකුම නඩත්තු කරගෙන එම අයගේ වැටුප් ආදී සියල්ල ලබා දී හෝටලය  පවත්වාගෙන ගිය බවත් දිගින් දිගටම එවැනි අති විශාල මුදලක් වියදම් කරමින් හාරසියයකට අධික සේවකයන් පිරිසක් නඩත්තු කර කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප – 

Exit mobile version