සේපාල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාරයට…

sepal-amarasinghe

දළදා මාළිගාව පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශක් කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධව සේපාල් අමරසිිංහ ඊයේ බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු බෞද්ධයින්ගේ මුදුන්මලකඩ ලෙස සැලකෙන දළදා වහන්සේට අපහාස කළ බවත් ඉන් බරපතල සිත් තැවුලට බෞද්ධයින් පත් වී ඇති බවත් අධිකරණ ඇමතිවරයා ඊයේ පාර්ලලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළේය.


සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගත හැකි නීතිමය පසුබිම සම්බන්ධව ද ඔහු කතා කළේය. පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා සේපාල්ගේ ප්‍රකාශය හෙළා දකිමින් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ අත්අඩංගුවට ගත යුතු බව කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මල්වතු අස්ගිරි නා හිමිවරු ද මේ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලූ බව වාර්තා විය.

Exit mobile version