සෙනඟ මැද අපරාධකරුවන් සොයන පොලිසියේ සුපිරි වෑන් එකටත් වැඩතහනම්!

පොලිසිය සොයමින් සිටින අපරාධකරුවකුගේ හෝ ත්‍රස්තවාදියකුගේ කවර හෝ ඡායාරූපයක් පරිගණකගත පද්ධතියකට ඇතුළු කළ පසු ඔහු හෝ ඇය කවර ජන සමූහයක් තුළ කවර ආකාරයෙන් සිටියද ඔහුගේ මුහුණුවර හඳුනා ගැනීමේ තාක්ෂණය සහිත ජංගම වෑන් රථයක් තම ඉල්ලීම මත ජපානයෙන් ලැබුණු බවත් පොලිස් ත්‍රස්ත විමර්ශණ අංශය සතුව තිබූ එම වාහනය තමාගේ වැඩ තහනමින් පසුව භාවිත කිරීම තහනම් කොට ඇති බවත් පසුගියදා ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සම්බන්ධව වූ විමර්ශණයක් මත දැනට වැඩ තහනමකට ලක්ව සිටින නාලක ද සිල්වා මහතා මේ බව අනාවරණය කළේ පසුගිය බ්‍රහස්පතින්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

එම සාක්ෂි දෙමින් ඔහු මෙසේද පැවසීය.


“මීට වසර කිහිපයකට පෙර බංගලදේශයේදී අයි.එස්.අයි.එස්. ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී ජපන් ජාතිකයින් රැසක්ද මිය ගියා. ඒ කාලේ මාව හමුවෙන්න ජපන් නිලධාරියෙක් පැමිණි විටෙකදී ඔහු මගෙන් ඇහුවා ශ්‍රී ලංකාවේත් එවැනි ප්‍රහරයක් එල්ලවෙයිද කියල. ඒ වෙලාවේ මම ඔහුට කිව්වා නොවෙන්නයි අපි වැඩ කරගෙන යන්නේ කියල.

එවිට ඔහු මගෙන් විමසුවා එවැනි ප්‍රහාරයක් වළක්වන්න අවශ්‍ය මොනවද කියල. මම ඔවුන්ට කිව්ව ආවේක්ෂණ කටයුතු සදහා යොදා ගන්නා තාක්ෂණික උපකරණ ඉතා මිල අධිකයි. එවිට මම ඔහුට එවැනි ආවේක්ෂණ කටයුතු සදහා අවශ්‍ය උපකරණයක් ගැන සඳහන් කළා. ඒ බව පොලිස්පතිවරයා හරහා ලිඛිතව දැනුවත් කිරීමක්ද කළා. ඒ අනුව 2018 වසරේදී තාක්ෂණික උපාංග සහිත නවීන වෑන් රථයක් අපිට ලැබුණා. එම වෑන් රථය අධිතාක්ෂණික උපාංග වලින් සමන්විතයි. එහි කැමරා පද්ධතියක්ද තිබුණා. යම් පුද්ගල ඡයාරූපයක් අප සතුව තිබෙනව නම් ජනතාව අතර ඔහු සිටින්නේ නම් සැණෙකින් ඔහුගේ මුහුණුවර හඳුනා ගත හැකි විශේෂ තාක්ෂණයක් තාක්ෂණයක් එම වෑන් රථය තුළ තිබුණා. එම වෑන් රථයට අමතරව ජිප් රථ 11 ක් සහ යතුරුපැදි 10 ක්ද පරිත්‍යාග ලෙස ලැබුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස්පතිවරයා එම ජිප් රථ සහ යතුරුපැදි පසුව විමර්ශන අංශ වෙත බෙදා දුන්නා. ත්‍රස්ත විමර්ශණ අංශයටත් වෑන් රථයට අමතරව යතුරුපැදි ලැබුණා.
එම වෑන් රථය යොදාගෙන අපරාධකරුවන් හදුනා ගැනීමට හැකි වුවද තමා අත්අඩංගුවට පත් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වෑන් රථය භාවිතා කිරීම තහනම් කරනු ලැබ ඇති බවද නාලක ද සිල්වා කියා සිටියේය.

Exit mobile version