සූරියවැව පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට…

සුරියවැව නුවන් ජයසේකර –

රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සූරියවැව පොලීස් නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි පහරකින් කොල්ල කරුවන් දෙදෙනා මියගොස් ඇති අතර පොලිස් නිළධාරී ගමන් ගත් ජීප් රථයද අසල ගසක වැදී අනතුරට ලක්ව ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.

පොලිසිය කියන්නේ කොල්ලකරුවන් විසින් වෙඩි තැබීම නිසා අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බවය.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන කඩවර පුතා නැමති අන්වර්ථනාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් හා ඔහුගේ ගෝලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලකරුවන් ගමන් ගත් යතුරුපැදිය සහ අනතුරට පත් ජිප් රථය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (17) දහවල් 1.30ට පමණ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කාන්තාවකගේ රන් මාලයක් කඩා පළායමින් සිටියදී ඒ බව දුටු අසල්වැසියෙක් යතුරු පැදියේ අංකය සමග මේ පිළිබඳව තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.ජී.නිමල්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වු අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා පොලිස් නිළධාරින් කණ්ඩායමක් සමග කොල්ල කරුවන් ලුහුබැඳ පැමිණ ඇතත් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුව මේ පිළිබඳව ලුණුගම්වෙහෙර, සූරියවැව හා මත්තල ඇතුළු අවට පොලිස් ස්ථාන වෙත දන්වා ඇති තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වු සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිගම ඇතුළු නිළධාරීන් පිරිසක් සුරියවැව වැවේගම මාර්ගයේ පැමිණ තිබේ.

එහිදී කොල්ලකරුවන් හා පොලිස් ජීප් රථය මුහුණ මුහුණ හමුව ඇත. පසුව පොලිස් ජිප් රථයද නැවත හරවා කොල්ල කරුවන් පසු පස හඹාවිත් තිබේ. එහීදී කොල්ල කරුවන් යතුරු පැදියෙන් ගමන් කරන අතර පිටුපසින් හඹා එන පොස් ජිප් රථයට වෙඩි තබා තිබේ.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් කොල්කරුවන්ට වෙඩි තබා තිබේ. පොලිස් වෙඩි පහරන් යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇති අතර පොලිස් ජිප් රථයද වේගය පාලනය කරගත නොහැකිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදි අනතුරට පත්ව තිබේ.

පොලිස් වෙඩි පහරින් බිම වැටි සිටි කොල්ල කරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සදහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා බරපතල තත්වයේ සිටි කොල්ලකරුවන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. සිද්ධිය වු ස්ථානයේ තිබී බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා කොල්ලකන ලද රන් මාල දෙකක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබදව මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.

සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version