මිහිපිට අපායෙන් අප ගලවා ගන්නා සැබෑ දෙවිවරුන්ට ආශිර්වාද කරන්නැයි චම්පික ඉල්ලයි

කොවිඩ් වසංගතයේ වැඩිම මෙහෙවර ඉටුකරන වෙද හෙද සුව කාර්ය මණ්ඩලයත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සියලුම සුව සේවා ප්‍රජාවටත් ගෞරවය අභිමානය පිරිනැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම අදහස් දක්වමින් කියා සිටියේ සෑම රෝහලකින්ම ප්‍රකාශ වන කරුණු අනුව මේ රට තුළ හදිසි තත්ත්වයක් මතුව ඇති බව ය.

කිසිදු ආකාරයක පූර්ව සැලසුම් කිරීමකින් තොරව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නො තකා වත්මන් ආණ්ඩුව මුග්ධ ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් රටට දැනෙමින් තිබෙන බව හෙතෙම කියා සිටී.


සංඛ්‍යාලේඛන කුමක් ප්‍රකාශ කළ ද වත්මන් ආණ්ඩුවේ ම විවිධ පාර්ශව විසින් පෙන්නුම් කරන පරිදි ආසාදිතයන් සහ මිය යන පිරිස පිළිබඳ සංඛ්‍යා ආණ්ඩුව ප්‍රකාශ කරන දත්තවලට වඩා කීප ගුණයක් වැඩි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

“ලෝකයේ ඉහළින්ම ආසාදිත ප්‍රමාණයට සාපේක්ෂව මියයන කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවේ. ‘අපි තමයි හොඳටම කළේ’ යැයි උද්දච්ච බස් දෙඩූවත් අපි තමයි නරකටම කරලා තියෙන්නේ කියන එක ගැන දැන් කිසිම සැකයක් නෑ. ඒ වගේම සංඛ්‍යාලේඛන විද්‍යාව වලින් තවදුරටත් මේ රට රවට්ටන්න බෑ මොකද මේ රටේ පවුල් ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ ඉන්නේ සෑම පවුලකටම දැන් දැනිල තිබෙනවා තමන්ගේ හිත මෙතෙක් ඥාතීන් ආසාදිතයකු බව ඒ වගේම මේ රටේ ගම්මාන 14000ක් පමණ තිබෙනවා. ඒ ගම්මානවල ඉන්න සෑම කෙනාටම දැනිලා තියෙනවා තමන්ගේ කවුරුහරි ප්‍රදේශවාසියෙක් මේ ගොවි ආසාදනය නිසා සෘජුව හෝ වක්‍රව මිය ගිහින් තිබෙන බව. මේක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි රටම අපායක් රටම මලගෙයක්.

අපිට පේනවා රෝහල් කාර්ය මණ්ඩල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විඳින දුක. මෙහි වැඩිම වේදනාව විඳින්නේ සුව සේවයේ අය. මේ දුක කවදා ඉවර වෙයිද කියලා කියන්න බැහැ. මේ අයට මේ සමාජයෙන් ලැබිය යුතු ගෞරවය ලැබෙන්නේ නෑ.

එදා මේ රටේ යුද වාතාවරණයක් තිබ්බ අවස්ථාවේදී බස් එකේ යන විට රණ විරුවාට සීට් එක දෙන තරමට ඔවුන්ට ගෞරව දැක්වූවා. ඔවුන්ට ශක්තියක් වූවා. රණවිරුවන්ට ලෙන්ගතු වුණා ඒ කළ ගලවා ගැනීමට.

අද මේ අපායෙන් අපිව ගලවගන්න ඉන්න මිහිපිට එකම දෙවිවරු තමයි මෙහි වෙද හෙද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය. ඒ කාර්ය මණ්ඩලයට අද ඒ ගෞරවය ලැබෙනවද? අද විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට ගරු කරලා පියවර ගන්න මේ රටේ ආණ්ඩුවට බැරි උනාට මේ රටේ සමහර නගරවල වැසියෝ වෙළෙන්දෝ තමන්ගේ ආර්ථිකයට මුලින් මිනිස් ජීවිත තියලා කටයුතු කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි කාරුණිකව මේ රටේ සමාජයෙන් ඉල්ලනවා, අපි අපේ වෙද හෙද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සුව සේවාවේ කාර්ය මණ්ඩලය රැකගමු. ඒ අය වෙනුවෙන් අප කරන්න පුළුවන් හැකි උපරිමය කරමු. අපේ උපරිම අධ්‍යාත්මික ශක්තිය ඒ අයගේ ශක්තියට අපි ගොනු කරමු. අපේ ගෞරවය අපේ ධෛර්ය ලබාදෙමු. එළඹෙන පොහොය දිනයේ දී ඔබට සෞඛ්‍ය නීතිවලට අනුකූලව කළ හැකි සෑම ආශිර්වාදයක්ම අපගේ වෙද හෙද මහජන සෞඛ්‍ය පරීක්ෂක සුව කාර්ය මණ්ඩලයට ලබාදෙමු. මගතොටේදී හැමතැනදිම ඔවුන්ට ඔබේ ගෞරවය ලබාදෙන්න. කලාකරුවනි, ඔබගේ ගීත ඔවුන් වෙනුවෙන් ලියන්න. නිර්මාණ ඔවුන් වෙනුවෙන් බිහි කරන්න. බෞද්ධ කිතුනු ඉස්ලාම් සියලු නායකයින්ගෙන් සියලුම ආගමික මධ්‍යස්ථානවලින් අප ඉල්ලනවා ඉදිරියට ඇවිල්ලා ඔබේ ආශිර්වාදය ඔවුන්ට ලබාදෙන්න. ඒ වගේම මේ රෝගයෙන් මිය යමින් සිටින ආසාදිත ව සිටින අපේ ජනතාවට ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න.”

Exit mobile version