සුරාබදු නිලධාරියාගෙන් ලක්ෂ 6ක අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගනිද්දි කොස්තාපල් අත්අඩංගුවට

අනුරාධපුර සුරාබදු කාර්යාලයේ සේවය කරන කොස්තාපල් වරයෙක් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සමග අද (23) අලුයම පුත්තලම කෝට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම වැටලීම සඳහා මුල් වන්නේ ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකි.

ඒ තොරතුරින් කියැවී තිබුණේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සුරාබදු පරීක්ෂකවරයා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එම කාර්යාලයේම සේවය කරන කොස්තාපල්වරයෙකුට විකිණීමට සූදානම් බවය.


අදාල වෙලාවට මෙම කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට වෑන් රථකින් පැමිණ ඇත්තේ කාන්තාවන් පස් දෙනෙකු, තරුණයින් දෙදෙනෙකු හා කුඩා දරුවකු සමගය.

පොලිසිය වැටලීම සඳහා සූදානම් වනවිට සුරාබදු පරීක්ෂකවරයා වැටලීම කළ නිලධාරීන් අනතුරට පත් කිරීමට තැත් කරමින් සිය සුඛෝපභෝගී රියෙන් පලාගොස් තිබේ. එහෙත් පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සමග පැමිණි පිරිසත් දැන් පොලිස් අත්අඩංගුවේය. පලාගිය සුරාබදු පරීක්ෂකවරයා අත්අංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි පොලිසිය පවසයි.

Exit mobile version