සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේ ජාතික ජන බලවේග රැස්වීමට ආවේ දේශපාලන පක්ෂවලට කළ පොදු ආරාධනය පිළිගෙනයි… ජාතික ජන බලවේගය පවසයි…

දිනසේන රතුගමගේ –

ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක  යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ  එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා පැමිණ සිටියේ පොදුවේ දේශපාලන පක්ෂ වෙත කළ ආරාධානව පිළිගෙන බව ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් පවසයි. 

අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා යාපනයට පමිණි අවස්ථාවේදී සියළු දේශපාලන පක්ෂ වලට පොදුවේ ආරාධනාවක් කළ බවත් කිසිම දේශපාලකයෙක් වෙත පුද්ගලිකව ආරාධනා නොකළ බවත් ඔහු පවසයි.

ජන හමුවට පැමිණි සියලු දෙනාම පිළිගත් පොදු ආකාරයට මන්ත්‍රීවරයා පිළිගෙන සභාවේ අසුන් පැනවූ නමුත් සුමන්තිරන් මන්ත්‍රීවරයා එම වේදිකාවේ කථිකයෙක් නොවූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ජනහමුවට සහභාගී වීමෙන් පසුව දෙමළ ජනමාධ්‍යයට සුමන්තිරන් මන්ත්‍රීවරයා දැක්වූ අදහස්   දෙමළ ජාතික සන්ධානය හා ජාතික ජන බලවේගය විසින් සාකච්ඡා කොට  ඉදිරිපත් කළ අදහස් නොව සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ පුද්ගලික මතය සහ හැඟීම බවත් ඔහු කීවේය.


Exit mobile version