සුපිරි ඉන්දීය ක්‍රීඩක හරිදික් පාන්ඩයා මත්ද්‍රව්‍ය ගෙන කාන්තාවක් අමානුෂික ලෙස දූෂණය කරලා!

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩක හර්දික් පාන්ඩයා මත් ද්‍රව්‍ය පානය කොට ස්ත්‍රී දූෂණයක් කළ බවට චෝදනාවක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු අතින් දූෂණයට ලක්ව තිබෙන්නේ සුප්‍රසිද්ධ පාතාල නායකයකු වන ඩාවුඩ් ඒබ්‍රහම්ගේ ඉතා කිට්ටුවන්තයෙකුවන  රියාස් භාති ගේ බිරිය ය.

රියාස් භාති

රෙහ්නුමා භාති නම් ඇය මේ සම්බන්ධයෙන්  මුම්බායි හි සැන්ටකෲස් පොලිසියට ඇයගේ ඛේදවාචකය පිළිබඳ පැමිණිල්ලක් ගොනු කර පසුගිය මාසයේය. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රකාශවල වලංගුභාවය තහවුරු කර ගැනීම සඳහා තමන් තවමත් විමර්ශන සහ පරීක්ෂණ පවත්වන බවය.


රෙහ්නුමා ගේ  පැමිණිල්ලට අනුව මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර සිටි පාන්ඩයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ඇයව දූෂණය කර ඇත.  එහිදී එම තිදෙනා අසම්මත ලිංගික ක්‍රියාවල යෙදුන බවටත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

වින්දිත කාන්තාව වූ රහ්නුමා භාති

හර්දික් පාණ්ඩ්‍යා කළ අමානුෂික අපරාධයට එරෙහිව පොලිසියට ගිය රෙහ්නුමා අනතුරුව කියා තිබුණේ ඛේදවාචකයක් වැනි කතාවකි.  පාන්ඩයාට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද  ඇයව දුෂණය කළ බවට ඇය පවසා තිබිණි.  ඇයව දූෂණය කර තිබුනේ 2011 වර්ෂයේ ලෝක කුසලාන කුසලාන දිනූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ මුනාෆ් පටෙල් සහ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිටපු සභාපතිවරයා මෙන්ම ඉන්දීය දේශපාලනඥයෙක් වූ රජීව් ශුක්ලා ය. ව්‍යාපාරිකයන් වන ප්‍රිත්විරාජ් කෝතාරි ද එම නම් අතර වේ.

මුනාෆ් පටෙල් සහ රජීව් ශුක්ලා

රෙහ්නුමා භාතිගේ සැමිය වූ රියාස් භාති යනු පාතාලය හා සම්බන්ධ අතිශය ජුගුප්සාජනක හැසිරීමක් ප්‍රකට කළ චරිතයකි.   කප්පම් කරුවෙක් නීති විරෝධී ඉඩම් ජවාරම් කරුවෙක් මෙන්ම  දූෂිත ඉතිහාසයක්  සහිත පුද්ගලයෙක් ලෙස ඔහු කුප්‍රකටව සිටියේය.  ඔහු සිය බිරිය වූ රෙහ්නුමා භාති බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවමින් ඉහළ පෙළෙ ධනවතුන්, ව්‍යාපාරිකයන් හා බලවතුන් දඩයම් කරගැනීමේ පාදඩකමක නිරත වී සිට ඇත.

පාන්ඩයා රියාස් භාති සමග

ඔහු විසින් නම් කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සමග ලිංගික සබඳතා පවත්වන ලෙස සිය ස්වාමිපුරුෂයා තමන්ට තර්ජනය කළ බව ද, එසේ නොකරන්නේ නම් තමාව හා තම දරු තිදෙනාව මරා දමන බවට ඔහු මරණීය තර්ජන කළ  බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ  කර තිබිණි.

හර්දික් පාන්ඩයා  රෙහ්නුමා ගේ සැමියා වූ රියාස් භාති සමග ගත් ඡායාරූප අන්තර්ජාලය පුරා සැරිසරමින් ඇත.  මුනාෆ් පටෙල්, මෙන්ම රජීව් ශුක්ලා ඇයව නිතරම මුණ ගැසීමට බල කළ බවත් මේ ජීවිතය දරාගත නොහැකි අවස්ථාවක මෙම පැමිණිල්ල කළ බවත් ඇය විසින් හෙළි කර තිබිණි.

මේ වනවිට ඉන්දියානු  ක්‍රිකට් ලෝලීන් පවසන්නේ වහාම මේ හර්දික් පාන්ඩයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීතිය විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය පවසා ඇත්තේ තවමත් මේ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන සිදුකරන බවය.

Exit mobile version